English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අවසන් නිවේදනය ලූ!

"මේ උඹට දෙන අවසන් නිවේදනයයි. 2 වෙනි දා 4 වෙනි දා පාරට යන එකත් එක්ක තමයි උඹේ ජීවිතය ගැන තීරණය  වෙන්නේ. 2වෙනිදා උඹ ගියාද මධුෂ්ක ළඟට යන්න ඉක්මනට පුළුවන්. උඹට ඉන්න පිරිවර පාරට විතරයි. උඹ කට වහනවාද ? අපි වහන්නද ? වහාම නතරකරපන් ! පාරට යන්න හිතන්න එපා ! උඹව හොයන්නවත් නැතිවෙයි !! යනුවෙන් යළිත් වරක් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි අනුරාධපුරයේ මයුරි ඉනෝකා අයිතියට ප‍්‍රකාශ කළාය.

තෙවන වරටත් යළිත් තමන්ගේ ජීවිතයට මරණ තර්ජනයක් එල්ලවී ඇති බවත් මෙවරද පෙර මෙන් ම එකම ආකාරයේ කොල කැබැල්ලක එකම ශෛලියෙන් එනම් සිංග්ලිෂ් බසිින් තර්ජනය කර ලියු එම කොළ කැබැල්ල නිවසේ ප‍්‍රධාන දොර ළඟ තබා ගොස් තිබු බව ද මයුරි ඉනෝකා පැවසුවාය. 

මධුෂ්ක හරිෂ් ද සිල්වා යන සිය සැමියා බලහත්කාරයෙන් පැහැරගෙන ගිය දිනය සිහිපත් කරමින් සැම මසකම 02 වෙනිදා අනුරාධපුර නගරයේදිත් පොලීසිය ඉදිරිපිට සහ උසාවිය ඉදිරිිපිටදීත්  විරෝධතාවන් දියත් කරන අතර ලබන මාසයේදි ද නොවැම්බර් 02 වෙනිදා උද්ඝෝෂණය ද නොවැම්බර් 04 වෙනිදා නඩු දිනය බැවින් නැවතත් උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් සිටින බැව් මයුරි ප‍්‍රකාශ කළාය.

2013 සැප්තැම්බර් 02 වන දින අනුරාධපුර, විජයපුර බෝ ගස අසළදී සුදු වෑන් රියකින් පැහැර ගෙන ගිය මදුෂ්ක හරිෂ් ද සිල්වා අදටත් අතුරුදහන්ය. තමන් පොලිසියෙන් යැයි හඳුන්වා දෙමින් පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් මධුෂ්කව පැහැර ගෙන ගියේ ඔහු කප්පම් ගන්නා බවට චෝදනා කරමිනි.

මධුෂ්කව පැහැර ගෙන ගිය දින සිට අද දක්වාම ඔහුගේ බිරිඳ අතුරුදහන් වූ තම සැමියා වෙනුවෙන් වීදි බැස උද්ඝෝෂණ පවත්වමින් වගකිව යුතු නිලධාරින්ගේ නිසි අවධානයට තම ගැටළුව යොමු කරවීමට වෑයම් කළත්, තවමත් වගකිව යුතු නිලධාරින් එ් සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවත් පෙනෙන්නට නැත.

අතුරුදහන් වූ තම සැමියා සම්බන්ධව නිසි විමර්ශනයක් සිදු කොට ඔහුට සිදු වූයේ කුමක්දැයි අනාවරණය කර දෙන මෙන් ඉල්ලමින් මයුරි විසින් ගනු ලබන සියලූ උත්සාහයන් ව්‍යර්ථ කිරීමේ අරමුණින් මෙසේ දිගින් දිගටම යම් කිසිවෙක් විසින් ඇයට මරණ තර්ජන එල්ල කරනු ලබන බව ඇය අයිතියට පැවසුවාය.



පළමු ඡයාරූපයේ ඇත්තේ මධුෂ්කගේ පැහැර ගැනීමට වගකිවයුතු කවර හෝ පාර්ශවයක් විසින් මයුරි ඉනෝකාමරණ තර්ජන කරමින් වසන් වරට නිවසේ ප‍්‍රධාන දොර ළඟ තබා ගොස් තිබු ලිපියෙහි ඡයා පිටපතයි.

නීතිඥ උපේන්ද‍්‍රා ගුණසේකර
-MMP



2014-10-13
Advertisement

Find us on Facebook