English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මේක තනිකර මිනිමැරුමක්.” කැළුම් සොයුරු උපාලි සුබසිංහ


අවම බලයේ නොව උපරිම බලය පාවිච්චි කිරීමේ ප‍්‍රතිඵලයක් ඊයේ (ජුනි 26දා) අවසන් ගමන් ගියේ ජුනි මස 23වන දා, දිවුලපිටියේ දි පොලිස් නිළධාරියෙක් තැබු වෙඩි පහරකින් දිවුලපිටියේ එස්. එම් කැළුම් සුබසිංහ යන තරුණයා ජීවිතක්‍ෂයට පත්වු අතර ඔහුගේ අවසන් කටයුතු දැඩි විරෝධතා මත ඊයේ සිදු කරනු ලැබිණි.

කැළුම් සුබසිංහ ගේ දේහය රැගත් ඥාතින්, හිත මිතුරන් නගරය පුරා විරෝධතාවයක නියැලුණු අතර, ඒ හේතුව මත කොළඹ කුරුණෑගල මහා මාර්ගයේ ගමනා ගමනයට බාධාවන් පැමිණුන ද එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා පොලීසියේ පෙනීසිටිමක් සිදු නොවු බවයි ප‍්‍රදේශයේ ආරංචි මාර්ග සඳහන් කළේ. 

'මල්ලී බීමත්ව පිහියක් අතේ තියාගෙන, පොලීසියේ අයට අනින්න ගියා කියලා තමා පොලීසිය මල්ලිට වෙඩි තිබ්බෙ. ඇණපු තුවාලයක් නැහැ, පොඩි සීරිම් පාරවල් විතරයි තියෙන්නේ. දුප්පත් මිනිස්සුන්ට මේ වගේ අපරාධ කරන්න එපා කියලයි අපි පොලීසියෙන් ඉල්ලන්නේ. අද රටේ නීතියක් නැහැ. නීතිය හංගනවා. මාධ්‍යයෙන් දෙන්නෙත් විකෘති ප‍්‍රවෘත්ති. මාධ්‍යයෙනුත් ඉල්ලන්නේ ජනතාව අතරට විකෘති ප‍්‍රවෘත්ති ගෙනියන්න එපා කියලයි. මේ වෙනකොට පොලීසියෙන් වෙඩි තියලා මිනිස්සු කීදෙනෙක් මැරුණද? ඇයි පොලිසියට ආයුධ දුන්නේ මිනිස්සු මරන්න? පොලීසියට ඇසිඞ් ගහන්නේ පොලීසියේ අයට ගහන්නේ පොලිසියේ අය වැරදි කරන නිසයි. මහජනයාව හදන්න එන්න එපා, පොලිස් නිළධාරින්ව හදාගන්න. ඒ නිසා තමයි මේවගේ මිනී මැරිම් සිද්ධ වෙන්නේ. මේක තනිකර මිනිමැරුමක්.” යැයි පොලිස් වෙඩි පහරින් ජීවිතය අහිමි වුණු කැළුම් සුබසිංහගේ සොයුරු උපාලි සුබසිංහ මාධ්‍යයට ප‍්‍රකාශකර ඇත.

පොලිස් නිළධාරින් දෙදෙනෙකුට බිමතින් හිටපු මිනිහෙක් පාලනය කරගන්න බැරිව, වෙඩි තැබුවේ කොහාට ද කියා ප‍්‍රශ්න කරන කැළුම් සුබසිංහගේ ගමෙහි ජනතාව, අවම බලය පාවිච්චිකර වෙඩි තැබිය යුත්තේ හිසටද? පපුවටද? නැතහොත් දෙපා වලට දැයි ප‍්‍රශ්න කරයි.

'මගේ අහිංසක දරුවා දහදුක් විඳලා හදා ගත්තේ උඹලට වෙඩි තියන්න නෙවෙයි පගා මරුවනේ” යනුවෙන් මියගිය කැළුම් සුබසිංහගේ මව තම දරුවා ගැන වියෝ වන්නීය.




2014-06-27
Advertisement

Find us on Facebook