English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සෝභිත හිමි සහ විපක්ෂ පක්ෂ විශේෂ සාකච්ඡවක් !

ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපති මැතිවරණයේ දී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හා රටේ යහපාලනය ඇති කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණ තව දුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් යුතුව පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ විපක්ෂ පක්ෂ කිහිපයක් අතර විශේෂ සාකච්ඡවක් අද පැවැත්වෙයි.   

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හා දේශපාලන පක්ෂ කිහිපයක් අතර සිදුකෙරෙන මෙම සාකච්ඡව කෝට්ටේ නාග විහාරයේ දී පැවැත්වෙයි.

මෙම සාකච්ඡව, විපක්ෂයේ නව සිහල උරුමය, රුහුණු ජනතා පෙරමුණ, එක්සත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ,  හේමකුමාර නානායක්කාර මහතා නායකත්වය දරන පක්ෂය ඇතුළු පක්ෂවල නායකයන් සමඟ පැවැත්වෙන අතර, විපක්ෂයේ ප‍්‍රබල දේශපාලන පක්ෂ වන එ. ජා. ප.යත් ජනතා විමුක්ති පෙරමුණත් සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයත් සහභාගී වන බවක් පෙනෙන්නට නැත.

මෙලෙස විපක්ෂයේ ජනතා ප‍්‍රසාදයක් හිමි දේශපාලන පක්ෂ සහභාගී නොවන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳ සිතා බැලිය යුතු නොවේ ද?

"පොදු අපේක්ෂක" කථිකාව වඩාත් යහපත් වූ අදහසක් වුවත් එම ක‍්‍රියාදාමය සඳහා දැනට සහාය දෙන පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන්ගේ සමාජ දේශපාලනික ශක්තිය විග‍්‍රහ කිරීම තුළින් වඩාත් ඵලදායී තීරණයකට යාම නිවැරදි වනු ඇත.

ඒ. එල්. රත්නායක



2014-10-13
Advertisement

Find us on Facebook