English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“රටේ ආරක්ෂාව කියන්නේ හමුදා ශක්තිමත් කර, රට වටේට යුද නැව් තියාගෙන ඉන්න එක නෙමෙයි.” - පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි
වල්පොළ රාහුල ආයතනයේ අධ්‍යක්ෂ, කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගෙන් පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් උන්වහන්සේ ගේ අදහස් විමසා සිටියේ ය. ඒ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් ඊළගට පත්වෙන ජනාධිපතිවරයා කෙබඳු විය යුතු දැයි උන්වහන්සේ අදහස් පළ කළහ.

ඊළගට පත්වෙන ජනාධිපතිවරයා කව්රු වුනත් එයාට කරන්න තියෙන පළමුවෙනි වැඩේ වෙන්න ඕන විදියට මම දකින්නේ ජාති, ආගම් බෙදීම් වලින් තොර ජන සමාජයක් ගොඩනංවන එක. රටේ ආරක්ෂාව කියන්නේ අවි ආයුධ වලින් සන්නද්ධ කරන එකවත්, හමුදා ශක්තිමත් කරන එකවත්, රට වටේට යුද නැව් තියාගෙන ඉන්න එකවත් නෙමෙයි. මිනිස්සු අතරේ එකිනෙකාට සම්බන්ධතා පවත්වන, ආදරය කරන, සමාජයක් හදන එක."

ජාතික සමගියට මුල් ස්ථානය ලබා දිය යුතුයැයි පැවසූ උන්වහන්සේ තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසූහ.

ජනකොටස් අතරේ සම්බන්දේ හදන එක වගේම, අධ්‍යාපනය මානුෂික කරන එක. අධ්‍යාපනය සඳහා තරඟ විභාග වලින් එකිනෙකා පරයා යන අධ්‍යාපනය නෙමෙයි. මිනිස්සුන්ට, ගහකොළට, සතා සීපාවාට, පරිසරයට ආදරය කරන මනුෂ්‍යයා නිර්මාණය කරන එක තමයි මේ අවස්ථාවෙදි ප්‍රමුඛ කාර්යයන් වනු ඇත්තේ.”

යුද වීරත්වය හුවා දක්වමින් ජනතාව මුලා කිරීමටත්, සිවිල් සමාජයේ බලය ශක්තිය, යුද වීරත්වයට ලබාදීමටත් කණ්ඩායම් වෙහෙසන අවස්ථාවක උන්වහන්සේ ඒ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ ද පැවසූහ. 

මෙතනින් ඉස්සරහට ගමන තියෙන්නේ යුද වීරත්වයවත්, ඒ සංග්‍රාම ජයග්‍රහණ මතවත් නෙවෙයි. මනුෂ්‍යයින් ලෙස, මිනිසුන් එකිනෙකාට ආදරය කරන, සමාජයක් ගොඩනැංවීම තුළයි. ඒක ඇතුළේ අවි ආයුධ, යුද ජයග්‍රහණ, සංග්‍රාම විජයග්‍රහණයේ කිසිවක් අදාල වෙන්නේ නැහැ. යුදකාමීත්වය මිනිසුන් අතර වෛරය ක්‍රෝධය, ඇති කරවනවා. ඒ නිසා ඉදිරියට කිරීමට තියෙන්නේ මිනිසුන් මිනිසුන්ව සුවපත් කරවන, එකිනෙකාට ආදරය කරන සමාජයක් ගොඩනැංවීමයි. ”




2019-10-10
Advertisement

Find us on Facebook