English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගුරු භවතෙක් - බාල වැඩක් - අවාදර්ශයක් !

පළමු වසර සඳහා පාසැලකට දරුවෙකු ඇතුලූකර ගැනීමට ගාල්ල ප‍්‍රදේශයේ පාසැලක විදුහල්පතිවරයෙකු රුපියල් ලක්‍ෂ තුනක අල්ලසක් ලබාගත් පුවතක් වාර්තා වෙයි. අල්ලස හසුවී විදුහල්පතිවරයා මේ මස 21 වෙනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයිි.

ගාල්ල ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ විදුහල්පති, ගාල්ල අම්පේගම පදිංචි නිහාල් ගුරුසිංහ යන අය විසින් විදුහලේ කාර්යාලය තුළදීම අදැාළ දරුවාගේ මවගෙන් රුපියල් ලක්‍ෂ තුනක මුදල් අල්ලස ලබාගනිමින් සිටින අවස්ථාවේදිම අල්ලස් හා දුෂණ කොමිසමේ නිළධාරීන් විසින්  විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් මෙම විදුහල්පතිවරයා ගාල්ල දිස්ත‍්‍රික් බාලදක්‍ෂ කොමසාරිස්වරයා වශයෙන් ද කටයුතු කරනු ලබන බව පැවසේ. මේ මස 07 වෙනිදා අත්අඩංගුවට පත් විදුහල්පතිවරයා මේ මස 21වන දා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් ලලිත් පතිරණ මහතා ඊයේ එනම් 08 වෙනිදා නියෝග කළේය. 


වෙනත් ක්‍ෂේත‍්‍රයක් නොව, අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ එනම් අකුරු සාස්ත‍්‍රය පමණක් නොව කුඩාකල සිට දරුවන්ට හොඳ නරක කියා දෙන ක්‍ෂේත‍්‍රයක ගුරුවරයෙකු ද පමණක් නොව විදුහල්පති වරයෙකු විසින් ම මෙවැනි අශිලාචාර අමන ක‍්‍රියාවක් කිරීම කෙතරම් පහත් ඝණයේ ලා සැළකිය යුතුද ? විදුහල්පතිවරයා විසින්ම එවැනි නින්දිත වැරදි කරන විට මින් පසුව ඔහුගේ කාර්ය මණ්ඩලයට මෙන්ම පාසැලේ සිසු දරුවන් හට අවවාද කරන්නට , අනුශාසනා කරන්නට කෙසේ නම් මේ විදුහල්පතිවරයාට හැකිවේද ?

-MMP



2014-10-09
Advertisement

Find us on Facebook