English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ධීවර දෙපාර්තමේන්තුවේ උපාධිධාරීන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් !

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (දිස්ත‍්‍රික්) iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර සම්පත් කළමණාකරන සහකාර, තත්ව පාලන සහකාර, ගිණුම් සහකාර, නීති සහකාර, තාක්‍ෂණ සහකාර තනතුරුවල සිටින උපාධිධාරීන්ට ඉල්ලූම්කිරීම වලක්වා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් රැකියාලාභී උපාධිධාරී සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් පලවේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (දිස්ත‍්‍රික්) iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයට අදාල ගැසට් නිවේදනය පසුගිය ඔක්. 03 දින ප‍්‍රසිද්ධියට පත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව අදාල තනතුර සඳහා පැවැත්වෙන සීමිත තරඟ විභාගයට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර සම්පත් කළමණාකරන සහකාර, තත්ව පාලන සහකාර, ගිණුම් සහකාර, නීති සහකාර, තාක්‍ෂණ සහකාර තනතුරුවල සිටින උපාධිධාරීන්ට ඉල්ලූම්කිරීම වළක්වා ඇත. ඉහත තනතුරු යටතේ සේවය කරන උපාධිධාරීන් වසර 9 කට ආසන්න කාලයක් ධීවර දෙපාර්තමේන්තු ගතව රාජකාරියේ යෙදී සිටියත් ඉහත සඳහන් සීමිත තරඟ විභාගයට ඉල්ලූම් කිරීමේ හැකියාව අහිමි කර ඇත.

උසස් පෙළ , සාමාන්‍ය පෙළ සමත් ධීවර දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයින්ට සහකාර අධ්‍යක්‍ෂ සසස ශ්‍රේණියේ තරඟ විභාගයට ඉදිරිපත් වීමට හැකිවීමත් එම දෙපාර්තමේන්තුවේම උපාධිධාරීන්ට ඉදිරිපත්වීමට ඉඩ නොමැතිවීමත් බරපතල අසාධාරණයකි.

මෙම අසාධාරණ ක‍්‍රියාමාර්ගයට එරෙහිව ධීවර දෙපාර්තමේන්තුවේ උපාධිධාරීන් 2014 ඔක්. 09 දින පෙ.ව. 10.00 ට කොළඹ පිහිටි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

උපුටා ගැනීම -  ලංකා නිවුස් වෙබ්
-MMP



2014-10-08
Advertisement

Find us on Facebook