English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අපේක්ෂකයින් වැඩිවීමෙන් වියදම කෝටි 450 ත් පනී!


අපේක්ෂකයින් වැඩිවීමෙන් වියදම කෝටි 450 ත් පනී!

නාමයෝජනා බාර දීමෙන් අනතුරුව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කලේ, අපේක්ෂකයින් ප්‍රමාණය වැඩි වීම නිසා මෙවර ජනාධිපතිවරණයේ වියදම ඇස්තමේන්තුගත කෝටි 400 ත් වඩා සැලකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බවයි.

විචාරකයින්ගේ අදහස් වලට අනුව එය කෝටි 450ත් ඉක්මවනු ඇත. සභාපතිවරයා තව දුරටත් ප්‍රකාශ කලේ අපේක්ෂකයින් 35 දෙනාටම ඡන්ද පොළ නියෝජිතයින් හා ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයින් එවිය හැකි බවත්, එසේ සියලු දෙනාම කටයුතු කලහොත් ඡන්ද පොළකට අපේක්ෂකයින්ගේ නියෝජිතයින් 70 ක් හා ඡන්ද ගණන් කිරීමේ ස්ථානයකට නියෝජිතයන් 175 ක් පමණ පැමිණෙනු ඇති බවයි.

ඒ සඳහා මීට පෙර පැවති ජනාධිපතිවරණයට වඩා විශාල ශාලා භාවිතා කිරීමට සිදුවන බවත්, කාර්ය මණ්ඩලයද ඇතැම් විට දෙගුණයකින් වැඩි කිරීමට සිදුවන බවද, ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ පෙර පවතී ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර ඡන්ද පත්‍රිකාව දෙගුණයකින් විශාල වන බවත්, ඒ හේතුවෙන් ඡන්ද පෙට්ටි ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය බැවින් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමටද සිදුවන බවයි.




2019-10-07
Advertisement

Find us on Facebook