English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඇමරිකානුවකු තරඟ කරන ලංකාවේ සුවිශේෂී ජනපතිවරණය!


ඇමරිකානුවකු තරඟ කරන ලංකාවේ සුවිශේෂී ජනපතිවරණය!

ඝෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා තිබූ සර්ටියොරාරි රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග නැවතත් ජනාධිපතිවරණ සටන් බිමට අවතීර්ණ වීමට රාජපක්ෂ පවුලට අවස්ථාවක් ලැබී තිබේ. ඝෝඨාභය මල්ලීට යම් හෙයකින් අධිකරණ තීන්දුවෙන් අවාසියක් සිදු වුනි නම් ඊට විකල්පයක් පිණිස ඉදිරිපත්වීමට චමල් අයියා ඇප තැන්පත් කොට තිබුනේ ඊළග ජනපති විය යුත්තේ රාජපක්ෂ පවුලේම අයෙකු මිස පක්ෂයේ වෙනකකු නොවන බව ලොවටම පසක් කරමිනි. රාජපක්ෂ පවුලේ අහිංසකයා ලෙසින් විරුදාවලි ලබන ඝෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව මුලින්ම ප්‍රකාශ කර සිට්යේ පසුගිය අප්‍රේල් 21 ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර දිනදීය. බෝම්බයෙන් විනාශ වූ මිනිසුන්ගේ කදුළු  අහිංසක ඝෝඨා තම වාසියට හරවා ගත්තේ ඒ අයුරිනි.

පසුගිය රාජපක්ෂ රෙජිමය සමයේ දේශපාලනික ලෙස සිදු වූ නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයන්, සුදුවෑන් මගින් සිදු කෙරුනු පුද්ගල අතුරුදහන් කිරීම් මෙන්ම අධිකරණ විනිශ්චයකාරවරුන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දී  නඩු තීන්දු වෙනස් කිරීම් බරපතල අන්දමින් සිදු වූයේ අහිංසක ඝෝඨාභය රාජ්‍ය ආරක්ෂක ලේකම් ධූරය දරන සමයේ බව රටේ මිනිසුන්ට දැන් අමතකව ගොස් ඇත්තේ ප්‍රභාකරන් කියූ ආකාරයට අපේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සතියයි බවට වූ ප්‍රකාශය නැවත නැවතත් පසක් කරමිනි. රට වෙලාගත් තිස් වසරක යුද්ධයෙන් රට ගලවා ගත්තේ තමන් බවට රාජපක්ෂවරු නිතරම නගන අදෝනාවක් වුවත් ඇත්තටම රට යුද්ධයෙන් ගලවා ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ එවකට සිටි ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු රණවිරුවන්ටය. යුධ පිටියේ සිටියේ ඔවුන්ය. රාජපක්ෂවරු යුධ පිටියේ සිටියේ නැත. ඔවුන් සිටියේ සීත කාමර වල සාකච්ඡා පවත්වමින් බව කවුරුත් මතක තබා ගත යුතුය. යුද්ධය අවසන් වූ දිනයේදී කොහේදෝ රටක සිට ගුවනින් පැමිණ පොලවට වැඳ යුධ ජයග්‍රහනයේ වාසිය තමා සතු කර ගැනීමට මහින්ද මහතා වෑයම් කළ ද සත්‍ය කුමක්ද යන්න ජනතාව වටහා ගත යුතුය.

කෙසේ නමුදු මෙවර ජනපතිවරණය ශ්‍රී ලංකාවේ සුවිශේෂී මැතිවරණයක් ලෙසට ඉතිහාසයට එක්වනු ඇත. ඒනම් ප්‍රථම වතාවට ලංකාවේ ජනපතිවරණයකට ඇමරිකානුවකු තරග කිරීමට ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙය වන නිසාය. ඝෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කරුවන්ට රාජපක්ෂ රෙජිමය බලයට පත්වූ පසු වන්දී ගෙවීමට සිදු වන බවට මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ රාජපක්ෂ වරුන්ගේ අනුගාමිකයින් විසින් දිගින් දිගටම තරජනය කරමින් සිටී. එසේම රාජපක්ෂවරුන්ගේ හෙන්චයියන් නායකත්වය දරන ඇතැම් රාජ්‍ය ආයතන වල වෘත්තීය සමිති වැඩ වර්ජන කරමින් ජනතාව අපහාසුතාවයට පත් කරමින් රාජපක්ෂවරුන්ගේ ජනපතිවරණ ඡන්ද ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැඩසටහනේ නියැලී සිටී. නමුත් මෙම ක්‍රියාවන් මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමක් බවත් ඒ අනුව මෙම වැඩ වර්ජන ඔක්තෝබර් 07 වන දින සිට නීති විරෝධී ක්‍රියාවන් වන බවටත් ඒ අනුව දුම් රිය සේවකයන් ඇතුළු වැඩවර්ජන වල නියැලී සිටින සියළුම රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජන කිරීම් මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට තිබේ.




2019-10-06
Advertisement

Find us on Facebook