English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


භීෂණය කැදවාගෙන ආ භීෂකයන් තවමත් නිදැල්ලේ - ලසන්ත රුහුණගේ


භීෂණය කැදවාගෙන ආ භීෂකයන් තවමත් නිදැල්ලේ - ලසන්ත රුහුණගේ

ජනමාධ්‍ය සමාජයට භීෂණය කැදවාගෙන ආ භීෂකයන් තවමත් මේ සමාජයේ නිදැල්ලේ සිටින බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත රුහුණගේ මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම්’ මැයෙන් වැල්ලවාය, මහින්ද රාජපක්ෂ ශ‍්‍රවණාගාරයේදි පැවති මහජන මන්ත‍්‍රණ සභාවේදීය. වධහිංසාවට එරෙහි ශ‍්‍රි ලංකා එකමුතුව සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් මෙය සංවිධානය කර තිබුණි. මෙම මහජන මන්ත‍්‍රණ සභාව සම`ගින් සාධු ජනරාව නම් ගී දැහැනක්ද මෙහිදි පැවැත්වුණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා ,

ජනමාධ්‍යවේදියෙක් ලෙස ශ‍්‍රි ලංකාවේ පහුගිය කාලයේ අපිත් වධහිංසාවට ලක් වු එක්තරා කුලකයක්.අපේ ජනමාධ්‍යවේදීන් සිය ගණනක් මරලා දාලා තියෙනවා. තවත් පිරිසක් අතුරුදහන් කරලා තියෙනවා. තවත් අයව පැහැරගෙන ගිහින් පහර දීලා අතහැරලා තියෙනවා. විවිධ තර්ජන කරලා තියෙනවා. ජනමාධ්‍ය ආයතන ගිනි තියලා තියෙනවා. ඒ අ`දුරු යුගය පහුකරලා තමයි අපි 2015 දී අලූත් බලාපොරොත්තු ඇතිව අලූත් ආණ්ඩුවක් බලයට පත් කළේ. අපි යුක්තිය ඉල්ලූවා. අපිට යුක්තිය ඉටු කරනවා කියලා පොරොන්දු දුන්නා.

2014 මැතිවරණ සමයේදි මේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ලංකාවේ දියත් කරපු ඒ භීෂණය මාතෘකාවක් කර ගත්තා ඒ දේශපාලන වේදිකාවන් වලට ආපු අය. ඔවුන් කිව්වා අපිට යුක්තිය ඉටු කරනවා කියලා. ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ වැනි ජනප‍්‍රිය චරිත ගැන කියවගෙන ගියා ඔවුන්ට යුක්තිය ඉටු කරනවා කියලා. නමුත් 2015 ඉදන් අවුරුදු හතරක් ගිහිල්ලා අවසන් වන තැන මොකද්ද තත්ත්වය. අපිට යුක්තිය ඉටු වෙලා නැහැ.

2015 ජනාධිපතිවරණය දිනුවට පස්සේ ජනාධිපතිවරයා කැදවු පළමු සාකච්ඡුාවේදි ජනමාධ්‍ය සමාජය නියෝජනය කරමින් මම සහභාගි වුණා. එහිදි මම අපේ තියෙන ගැටලූ කිව්වා. එහිදි ජනාධිපතිවරයා කිව්වේ අපිට තියෙන ගැටලූ, යෝජනා  ලිඛිතව දෙන්න කියලා. ඉතිං එහෙම ලිඛිතව දුන්නා. ඉන් ප‍්‍රධාන එක යෝජනාවක් වුණේ අපිට යුක්තිය ඉටු කරලා දෙන්න කියලා. ජනමාධ්‍යවේදින්ට සිදු වු හිරිහැර පිලිබද සොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න කිව්වා.

නමුත් ජනාධිපතිවරයා මේ ඉල්ලීම කිසිම ආකාරයකින් ඉටු කළේ නැහැ. අපි මේ ගැන 2016- 2017 දි නැවත සිහිකැදවීම් කළා.නමුත් ජනාධිපතිවරයාට අපිට සාකච්ඡුාවක් දෙන්න තරම්වත් වේලාවක් තිබුණේ නැහැ. පසුව ජනාධිපතිවරයා දන්වා සිටියේ ඔහුට අපත් සම`ග සාකච්ඡුා කරන්න වේලාවක් නැහැ. ඒ නිසා විශේෂ කාර්යභාර්ය අමාත්‍ය සරත් අමුණුගම මහතා සම`ග සාකච්ඡුා කරන ලෙසට. නමුත් ඔහු සමග පැවැත්වීමට නියමිත වු සාකච්ඡාවත් අවලංගු වෙලා ගියා. ඔහුටත් වැඩ අධික වීම නිසා.

අගමැතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියා. ඒත් ලැබුනේ නැහැ. ජනමාධ්‍යවේදින්ට යුක්තිය ඉටු කර ගැනීමේ තත්ත්වය අද  ඕකයි. නමුත් ජනමාධ්‍යවේදීන්ට යුක්තිය සෙවීම අපි නවත්වන්නේ නැහැ. අපිට එය දේශියව කළ නොහැකිනම් එය ජත්‍යන්තරයෙන් හෝ ඉටු කර ගත යුතුයි කියන අධිෂ්ඨානයේ සිටිනවා. ඒ නිසාම අපි එක්තසත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පවා මේ අරගලය ගෙන ගොස් තිබෙනවා. පාලකයෝ අපිට කිසි දෙයක් බන්දේසියක දමා ගෙනත් දෙන්නේ නැත. අයිතිවාසිකම් රැුක ගන්න, දිනා ගන්න සිදුවෙන්නේ අරගලයකින්.

මෙම අවස්ථාවේදි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලීප් දිසානායක, කලා ශිල්පි ජයතිලක බණ්ඩාර, නීතිඥ දුලාන් දසනායක යන විද්වතුන්ද මහජන සභාව ඇමතූහ.





2019-10-03
Advertisement

Find us on Facebook