English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ගෝටාභයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලේඛන අතුරුදහන් ද? : පුරවැසිභාවය පිළිබඳ අභියාචනාධිකරණ පෙත්සම් විභාගය


ගෝටාභයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලේඛන අතුරුදහන් ද? : පුරවැසිභාවය පිළිබඳ අභියාචනාධිකරණ පෙත්සම් විභාගය

ජනාධිපතිධූර අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කරන  ද පෙත්සම සලකා බැලීම අද දින අභියාචනාධිකරණයේදී එහි සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද සිදු විය.

එහිදී හෙළිදරව් වූයේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි. මෙම නඩුවේ වගඋත්තරකරුවකුවන ආගමන විගමන පාලක ජනරාල් ආර්.එම්.පී.බී.එස් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

ගෝටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා මහතා මෙහිදී කරුණු දක්වමින් කියා සිටියේ වර්ෂ 2007 දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පරිගණකගත කරන ලද බවත් එහිදී ඊට පෙර තිබූ ලේඛන විනාශ කල බව දැනගන්නට ඇති බවයි.

නමුත් ආගමන විගමන පාලක ජනරාල් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා කියා සිටියේ එසේ කිසිදු ලේඛනයක් විනාශ නොකල බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යනු රටේ ජනයාගේ පුරවැසිභාවය සම්බන්ධ ලේඛන පවත්වාගෙන යන වැදගත්ම දෙපාර්තමේන්තුව වන අතර ගෝටාභය රාජපක්ෂ මහතාට ආන්දෝලනාත්මක ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිකුත් කරන සමයේ එම දෙපාර්තමේන්තුව පැවතියේ ආරක්ෂක අමාත්‍යංශයේ වන අතර එහි ලේකම් වරයා වූයේ ගෝටාභය රාජපක්ෂ මහතාමය. ඇමතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.

-දුලාන් දසනායක-




2019-10-02
Advertisement

Find us on Facebook