English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සුහද ගම්ලත්ටත් වැඩ වරදී!


සුහද ගම්ලත්ටත් වැඩ වරදී!

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස් වන බව ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇති බවත් ඔහු ඉල්ලා අස් නොවුණහොත් අවශ්‍ය පියවර ජනාධිපති ලේකම්වරයා විසින් ගනු ඇති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා වියත් මඟ හා එක් වී එහි දේශපාලන රැස්වීම් වලදි තමන්ට දේශපාලන බලපෑම් ඇති බව පවසමින් රජයට බරපතල චෝදනා එල්ල කර තිබුණි.

සුහද ගම්ලත් මහතා මෙම සභාපති ධුරයේ පිහිටුවා ඇත්තේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් බවත් මෙම පත් වීම කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් බවද අමාත්‍යවරිය පවසයි.තමන්ගේ දේශපාලන මතය කුමක් වුවත් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් මෙවන් ප්‍රකාශන ප්‍රසිද්ධ වේදිකා වල සිදුකරන්න අයිතියක් නොමැති බවත් එහෙයින් මේ පිලිබඳ තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපතිවරයාගෙන් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බවද ඇය පවසයි.

සුහද ගම්ලත් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීම අද හෙට සිදුනොවුනහොත් ඊට අවශ්‍ය පියවර ජනාධිපති ලේකම්වරයා විසින් ගනු ඇති බවද ඇය පවසයි.

-ශානිකා මාධවී-




2019-10-02
Advertisement

Find us on Facebook