English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාභයට වැඩ වරදින ලකුණු!


ගෝඨාභයට වැඩ වරදින ලකුණු!

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේකෂක ගෝඨභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලංකික පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් සිවිල් සංවිධාන එකමුතුවේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් පසුගිය දා අභියාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සදහා සලකා බැලීමට අභියාචනාධිකරණය විසින් හෙට සිට දින 3ක් එක දිගට යෙදීමත් සමගම පොදුජන පෙරමුණ විශාල කැළඹීමකට ලක්ව තිබේ.

පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන පාර්ශවකරුවෙකු වන විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන යනු ලබන ලංකා සී නිවුස් වෙබ් අඩවිය අද වාර්තාකර තිබුනේ ගෝඨාභය මහතාට එරෙහිව ඇති නඩුකර හේතුවෙන් යම් ලෙසකින් ඔහුගේ අපේක්ෂකත්වය අහිමි වුවහොත්ල ඊට පිළියමක් ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සදහා විකල්ප අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා ලබා දීම ස්ථිවර සිදුවන බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වන ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ප‍්‍රකාශ කරන්නේල ..ගෝඨාබය ජනාධිපතිවරණයට පෙර .අවුට්. විය හැකියි.. බවයිග ඔහු තව දුරටත් ප්‍රකාශ සිටින්නේ..,

..ගෝඨාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බලපත්වලට අදාලව පරීක්ෂණ වාර්තාද මා හොදින් හැදෑරුවාග මගේ නිගමනය ඔහුට ජනාධිපතිවරණයකට තරග කිරීමේ අයිතියක් නැති බවයි.

තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය පමණක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයිග ඔහු පුරවැසි  නීති උල්ලංඝනය කර තිබෙනවාග ආගමන විගමන නීති උල්ලංඝනය කර තිබෙනවාග කුඨ ලේඛන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.

ඔහු පරන හැදුනුම්පත ලබාගෙන තිබෙන්නේ 1976 දෙසැම්බර් 21වනදාග එහි අංකය 491724021V විදේශ ගමන් බලපත් අංකය භ 5384975N ඔහුට ඇමරිකන් පුරවැසිභාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා

පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ලබාගත් පුද්ගලයෙකුගෙ ලංකාවේ පුරවැසිභාවය ස්වයංක්‍රිය ලෙස අහිමිවනවා. 2005 ජනාධිපති මැතිවරනයෙදී ඔහු ලංකාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් යටතේයි,

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරී පත්වන්නේ 2005 නොවැම්බර් 18 වන සිකුරාදාය. ගෝඨාබයට ද්වීත්ව පුරවැසිභාවය  ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය. සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීයි. ද්වීත්ව පුරවැසිභාවය සඳහා ඉදිරිපත්කළ අයදුම්පතේ ගෝඨාබය තමන් හදුන්වා ගෙන ඇත්තේ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි. ඒ නිසා එම අයදුම්පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කුඨ ලේඛනයක් වශයෙනි.

ඔහු අලුත් ජාතික හැදුනුම්පත (194917210010) ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසිභාවය තිබියදීය. නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017, 2018 හා 2019 යන වර්ෂ සඳහා මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලංගු  පරන හැදුනුම්පත යොදාගෙනයි, එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.

ගෝඨාබය තමන්ගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය (N192600594) ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුරවැසිභාවය තිබිය දීය. ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කර තිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

නීතිය ක්‍රියාතමක වීමේදී ගෝඨාබය සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය. නීතියට අනුව නම් ඔහුට ජනාධිපතිවරණයට තරග කල නොහැකියග ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක්විය හැකිය..

    





2019-10-01
Advertisement

Find us on Facebook