English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාභය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට


ගෝඨාභය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට

වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත යාමට තමාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින සිය නීතිඥවරයා මාර්ගයෙන් අද දින ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ මහතා ඉල්ලා ඇත්තේ ඔක්තෝබර් මස 09 වන දින සිට 12 වන දින දක්වා තමාට සිංගප්පූරුවට යාමට අවසර ලබා දෙන ලෙසයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින ගෝටාභය රාජපක්ෂ මහතා මෙලෙස ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් පවතින සමයේ හදිසියේ විදේශගත වීම දේශපාලන ලෝකය තුළ කතාබහට ලක් වී තිබේ.

ඒ මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ රජයේ මුදල් අවභාවිතා කරමින් ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සම්බන්ධ නඩුවට අදාළවය



2019-10-01
Advertisement

Find us on Facebook