English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් යොවුන් කදවුරක්!


මානව හිමිකම් යොවුන් කදවුරක්!

තරුණ පිරිස් තුල ඇති මානව හිමිකම් පිළිබඳ අබබෝධය හා උනන්දුව පුලුල් කරමින් මානව හිමිකම් අගයන මානව හිමිකම් සුරකින සංස්කෘතියක් ගොඩනැගීමේ  අරමුණෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මානව හිමිකම් යොවුන් කදවුරක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම  නියෝජනය කරමින්  වයස අවුරැදු 18-29ත් අතර තරැණ තරැණියන් 75 දෙනෙකු ගේ සභභාගීත්වයෙන් දින 5ක නේවාසික කදවුරක් ලෙස මෙම යොවුන් කදවුර පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

විවිධ ජාතික හා ආගමික කණ්ඩායම්, මලයාලම් හා තෙළිගු භාෂාව කථාකරන ජන කණ්ඩායම්, අප්‍රිකානු සම්භවයක් සහිත ජන කණ්ඩායම් හා ආදී වාසී හා වතු ආශ්‍රිත ජන කණ්ඩායම්, අබාධිත පුද්ගලයන්, භූගෝලිය වශයෙන් හුදකලා වු ප්‍රදේශ නියෝජනය කරන ජන කොටස්  හා  LGBTI ප්‍රජාව නියෝජනය කරන තරැණ තරැණියන්දට මෙහි දී විශේෂ අවස්ථාව හිමිවේ.

මෙම යොවුන් කදවුර සදහා සහභාගීවීමට කැමති අය ඔක්‌තෝබර් 31 වන දිනට ප්‍රථම අයදුම් කළ යුතු අතර අයදුම් පත් www.hrcsl.lk යන වෙබ් අඩවියෙන් හෝ අංක 14, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 4, ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කර්යාල මගින් ලබා ගත හැක. වැඩි විස්තර youthcamp.hrcsl@gmail.com ලිපිනයට විමසීමක් කර ලබා ගත හැක.

 




2019-10-01
Advertisement

Find us on Facebook