English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අනුරට එක සජිත්ට දෙක - ජයම්පති


අනුරට එක සජිත්ට දෙක - ජයම්පති

ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට එජාපෙ ජාතික ලයිස්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා ජාතික සංවිධායකත්වය දරණ එක්සත් වාමාංශික පෙරමුණ තීරණය කර තිබේ. මෙම තීරණය සම්බන්ධව යම් කථිකාවක් සමාජය තුළ නිර්මාණය වූ අතර, ජයම්පති වික‍්‍රමරත්න මහතා ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් වෙන බවද එහි වාර්තා විය.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් වික‍්‍රමරත්න මහතා කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරයෙන් හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරි ජනාධිපතිවරණයේ දී අනුර කුමාරට මහතාට සහාය දැක්වීමටත්, එමෙන්ම, ගොඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා ඔහු පරාජය කළ හැකි ප‍්‍රබලම අපේක්ෂකයාට දෙවැනි මනාපය ලබා දීමටත් මෙම පරමාර්ථ දෙකම සපල කර ගැනීම සදහා එකම උනන්දුවෙන් කටයුතු කළ යුතු බවට තීරණය කළ බවයි.

අනුරට සහා දැක්වීමත් ගොඨා පරාජය කිරීමත් සදහා ඔවුන් යෝජනා කරන උපක‍්‍රමය වන්නේ පළමු මනාපය අනුරට ලබා දී දෙවැනි මනාපය එජාපෙ අපේක්ෂකයා වන සජිත්ට ලබා දිය යුතු බවයි. මින් ඔවුන් අදහස් කරන්නේ පළමු වටයේ දී කිසිවෙකුට 50% වඩා වැඩි ඡුන්දයක් නොලැබෙන බවත්, දෙවැනි වටයේ දී ලැබෙන අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් ගෝඨා පරාජය කළ යුතු බවයි.

මේ සම්බන්ධවව අදහස් දැක්වූ වාමාංශිකක නායකයෙකු ප‍්‍රකාශ කර සිටියේ මෙය හරියට දැළි පිහියෙන් කිරි කණවා වැනි වැඩක් බවයි. ගෝඪා වැනි කෙනෙකු පරාජය කිරීම සදහා මෙවැනි අත්හදා බැලීම් සිදු කිරීමට යාම තම පණ සියතින් නසා ගැනීම හා සමාන බවත් මෙය කිසි ලෙසකින් ප‍්‍රායෝගික නොවන කි‍්‍රයාවක් බවත් ය.




2019-09-30
Advertisement

Find us on Facebook