English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අවස්ථාවාදීන් ජාතිවාදී ගිනිදැල් සොයයි.


අවස්ථාවාදීන් ජාතිවාදී ගිනිදැල් සොයයි.

පන්සල් ආගමික උත්සව, බෝධි පූජා, පැවැත්වීමේ දී පේ වී සිටින ඥානසාර වැනි බෞද්ධ භික්ෂූන් ට මුලතිව් නයාරු කන්ද ගරු කන්ද රජමහා විහාර භූමියේ දී කිසිදු අදාහනයක් නොකරන ලෙස විහාරස්ථානය පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් සිදු කරන ලද ඉල්ලීම තේරුම් ගැනිීමට නොහැකි වීම පුදුම සහගත ය. හින්දු ආගමික චාරිත්‍ර වාරිත්‍ර අනුව කෝවිල් භූමියක් තුළ නොකළ යුතු කරුණු අතර ආදාහනයන් ද එක් කරුණකි. එයින් තම ආගමික පුද බිම අපවිත්‍ර වේ වැයි ඔවුන් ගේ මතයයි.

කතරගම ඇතුළු පුන්‍යභූමිය යයි සැලකෙන ස්ථානයන්ට ඇතුළුවීමට විවිධ චාරිත්‍ර වාරිත්‍ර සියළු ආගමිකයන් විසින් සිදු කරනු ලබයි. මස් මාංශයන් ආහාරයට ගැනීමෙන් වැලකී, පේ වී සිටීම සාමාන්‍ය සිරිතයි. එයින් තමන්ට අවැඩක් වේ යයි සිතයි. සමහර අවස්ථාවන්හීදී කිල්ලට අසුවන වැයි කියයි. මේ සියළු චාරිත්‍ර වාරිත්‍ර බෞද්ධ සම්ප්‍රදායන්ගෙන් නොපැවතියද, හින්දු ආගම තුළින් පැමිණි මේවා දැන් බෞද්ධ වී හමාර ය. මේ සියල්ල දකුණේ දී පිළිපදින, ඊට ඉඩ සලසන මොවුන් උතුරේ හින්දු ජනතාව එවැනි ඉල්ලීමක් කිරීම ජාතිවාදී ය. 

අප විසින් පිළනොගත්ත ද එය ඔවුන්ගේ පිළිගැනීමයි. ඉතා සාධාරණ යැයි සිතිය හැකි ඉල්ලීමක් වූ එය නොතකා හැරීමත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබා දුන් ඉල්ලීම නොතකා හැරීමත් නැවතත් ඥානසාර හිමියන් ඔප්පු කර පෙන්වන්නේ තමන් මේ පුරවැසි සමාජයට නොගැපෙන බවයි. ඥානසාර හිමි අයත් වන්නේ ප්‍රචණ්ඩත්වය නිතරන්තරයෙන් සොයන සමාජයකකට ය. සෑම අවස්ථාවක දීම ගැටළු වලදී සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව ක්‍රියාත්මක වෙමින්, ප්‍රචණ්ඩ, නීති විරෝධීව හැසිරීම මේ සමාජයට අහිත කරය. මේ නිසාම දැන් අලුත්, ප්‍රශ්නයක් මතු වී තිබේ.

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරු කන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයෙන් එපිට නයාරු මුහුදු තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්  පසුගිය 23 වෙනි දින නියෝග කළේය. ඔහු එසේ නියෝගයක් ලබා දුන්නේ අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් අසල පවත්වන බවට රාවයක් පවතින බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් පොලිසිය වෙත කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරු වය. 

නුමුත් එකී තීන්දුව ලැබෙන විටත්, ආදාහන පූජෝත්සවය සිදු කිරීමට ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් තීරණය කොට තිබුණි. ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේ ලා පැවසුවේ අධිකරණ තීන්දු තීරණ ලැබීම පමා වීම හේතුවෙන් මෙන්ම, විහාරාධිපති හිමියන් ගේ දේහය අව පැහැ ගැනීමත්, නිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තිරණය අනුව ගුරු කන්ද විහාර භූමියේම අවසන් කටයුතු සිදු කළ බවට ය.

කෙසේ වෙතත් උතුරේ නීතිඥවරු මේ වන විට නඩු කටයුතු ඉවත් වී, අදාහනය විහාර භූමියේ ම සිදු කිරීමට කටයුතු කළ පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරේ සියළුම නීතිඥයන් වර්ජනයක නියැලී සිටියි.

ගුරු කන්ද හිමියන්ගේ දේහය විහාර භූමියේ ම අදාහනය කළ යුත්තේ බුද්ධ නීතිය නිසා යයි අදාහනයට සහභාගි වූ ඥාණසාර සහ පාහියන්ගල ආනන්ද සාගර හිමිවරුන් පවසා සිටියෝය. ලංකාවේ සුප්‍රසිද්ධ රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ අපවත්වීමේ දී හැරුනු විට අප නම් අසා ඇත්තේ දැක ඇත්තේ විහාරස්ථානයන්ගෙන් බැහැරව ක්‍රීඩා පිටි වල, නගර සභා පිටි වල, වැනි ස්ථානයන් හී සිදු කෙරෙන අදාහනයන් ය. නිදහස් චතුරඝ්‍රයේ අදාහනයන් පැවති අවස්ථාවන් ද ඇත.

අප දන්නා පරිදි බුදු රජාණන් වහන්සේ ආදාහනය සිදු කරන ලද්දේ ජේතවනාරාමයේ නොව කුසිනාරාවේ වනයක් මැද ය.

ඥානසාර ඇතුළු පිරිස මේ කැස කවන්නේ වෙන කිසිවක් නිසා නොව ජීවත් වීමට ජාතිවාදී ගිනිදැල් අවශ්‍ය නිසයි. ඒවා නොමැතිව ඔවුන්ට ජීවත්වීමට අපහසු ය.

කිසිවෙකු පැවසුවා සේ රටේ සිටින භික්ෂූන්ට දැන් බෞද්ධ ධර්මයට ඉගැන්වීමට සිදුව තිබේ.

 




2019-09-29
Advertisement

Find us on Facebook