English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වසර 05යි මාස 05යි, රුපියල් මිලියන 300 යයි !
         
1990 සිට අවතැන් වෙමින් හිඳ, වඩමාරච්චි සින්නවැලි කඳවුරේ සිටින පලාලි හි ජීවත් වු දමිළ වැසියන් 

2009 මැයි මාසය තෙක් පැවති යුද්දය හේතුවෙන් අවතැන්වු ආබාධිත වු දේපොල අහිමි වු දමිළ ජනතාව වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කිරීම මේ මස 12 වෙනිදා ජනාධිපති රාජපක්‍ෂ මහතා අතින් කිළිනොච්චියේදි සිදුකරනු ලබන බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.


යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ අවතැන්වුවන් වෙත වන්දි ලබාදීම සඳහා, ශ‍්‍රි ලංකා රජය රුපියල් මිලියන 300ක මුදලක් අනුමත කර ඇතැයි ද, 2014 වසර අවසාන විමට පෙර මෙම වන්දි මුදල් ලබාදිමට රජය තීරණය කර ඇතැයි ද ප‍්‍රකාශ කරයි.

මෙම රුපියල් මිලියන 300ක මුදලින්, රුපියල් මිලියන 110ක් මේ වන විට ජනතාව අතර බෙදාදී ඇතැයි තොරතුරු අමාත්‍යංශය ප‍්‍රකාශ කරන අතර, යුද්ධයේ දි දැත් දෙපා අහිමිවුවන් සහ නිවාස හා දේපල අහිමිවුවන් වෙනුවෙන් මෙම වන්දි මුදල් ප‍්‍රදානය කරන බව සඳහන් කරයි. කල්ගත වී හෝ සුදුස්සාට, සුදුසු ලෙසට එම වන්දි ප‍්‍රදානයන හිමිවිය යුතුය.

වන්දි මුදල් ප‍්‍රදානය කිරිමේ වැඩසටහන යටතේ මේ මස 12වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් කිළිනොච්චිය ඉරණමඩු ප‍්‍රදේශයේ පවුල් 1500ක් සඳහා රුපියල් මිිලියන 130ක් වටිනා වන්දි මුදල් ප‍්‍රදානය කරන්නට කටයුතු සළසා ඇති බවයි රජයේ තොරතුරු සඳහන් කරන්නේ.

යුද්ධය නිමවූයේ 2009 වසරේදීය. 2009 මැයි මාසයේ සිට 2014 ඔක්තෝබර් මාසය තෙක් වසර 05යි මාස 05ක් ගෙවී ගොස් ඇත. යුද්ධයෙන් විපතට පත්වී සිටින සමස්ත දමිළ ප‍්‍රජාව දෙස, ඔව්න්ගේ විනාශවී ගොස් ඇති සමස්ත දේපොල සහ විවිධ අවශ්‍යතා ගෙනහැර දක්වමින් රජයේ හමුදාවන් විසින් අත්පත්කරගෙන  සිටින දේපොල පිළිබඳව යාන්තමට හෝ සිතාබලන විට රුපියල් මිලියන 300ක් සෑහේ දෝයි සාධාරණ සැකයක් පැනනැගෙයි !


යාපනයේ සභාපති අනාථ කඳවුරේ තිබෙන එක් නිවසක් 

එහෙත් යුද්ධයෙන් විපතට පත්වු බොහෝ දෙනෙකුට තවමත් ස්ථීරසාර ලෙසට, සතුටු විය හැකි ආකාරයට ආර්ථික හෝ සමාජ හෝ දේශපාලනීක වශයෙන් ඔවුන්ට රිසි ලෙසට නැගී සීටීමේ ශක්තියක් උරුම වී නැත. දකුණේ, එනම් බෙන්තර ගෙඟන් එහා සිංහල බෞද්ධ මිනිසුන් නිදහසේ ජීවත්වනවා සේ උතුරේ ජීවත් වු පාරම්පරික හින්දු සහ කතෝලික දෙමළ මිනිසුන් හට තමන්ගේ සංස්කෘතියට අනුව අතීතයේ මෙන් ජීවත්වන්නට අවශ්‍යකරන කිසිඳු පසුබිමක් ඔවුන් අපේක්‍ෂාකරයි. ඔවුන් අපේක්‍ෂා කළ ආර්ථික සමාජ හා දේශපාලන පසුබිම තවමත් ඔව්නට ලැබී නොමැත්තේ යැයි විවිධ අවස්ථාවන්වලදී උතුරු පළාතේදි හමුවන දැන-උගත්, මැදිවියේ් මෙන්ම තරුණ කණ්ඩායම් වලින් විමසිමේදි ඔවුන් පිළිතුරු දෙති.

නමුත්, පොදුවේ ආණ්ඩුව නිතරම ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රි ලංකාව, සංවර්ධනය ප‍්‍රමුඛව සියලූ ආකාරයේ ප‍්‍රගතියක් කරා, දැවැන්ත සංවර්ධනයක් කරා කොටින්ම ආසියාවේ ආශ්චර්යය කරා සීඝ‍්‍රයෙන් පියවර තබන බවයි. රටපුරා දැවැන්ත කොන්ක‍්‍රීට් මාවත්, කිලෝමිටර ගණනාවක් දිග අධිවේගී මාර්ග, ව්‍යායම් කිරීම සඳහා ඉදිකරනු ලබන විශේෂිත මංමාවත් තණ පිඩෙලි ඇල්ලූ භුමි සහ දැවැන්ත ගොඩනැගිලි තැණු පමණින් රට හෝ එහි සමස්ත වැසියන් සංවර්ධිත යැයි කෙසේ කියන්නද ? මේ සියල්ලක්ම සංවර්ධනය මිණිය හැකි විවිධ වු අංශයන්ය. මේ සියල්ලම රටක ජීවත්වන මිනිසුන්ට අවැසිය. එය සබැවකි. එහෙත් රට ඇතුලත බහුතරයක් ජනී ජනයා තවමත් පීඩාවෙන් අර්බුදයෙන් පෙළෙන විට, විශේෂයෙන්ම උතුරේ දමිළ වැසියන් තවමත් අනාථ කඳවුරුවල ජීවත් වනවිට (ඔවුන්ගේ දේපොල අහිමි වීම හා අහිමි කරවීම නිසා) සෘජුව ඔවුන් ජිවිත් කරවීමේ වැඩපිළිවෙලට ප‍්‍රථමයෙන් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරිම කෙතරම් දුරට ප‍්‍රඥාගෝචර ද යන්න යටපත් කළ නොහැක. 

යුද්ධය නිමවී වසර 05යි මාස 05ක් ගෙවී යනතෙක්ම, යුද්ධය නැමැති මහා ව්‍යසනයෙන් විපතට පත්වුවන්ට සැළකීම හා සම්පුර්ණ වශයෙන් පුනරුත්ථාපනය කර සමස්ත උතුරත් නැගෙනහිරත් එහි ජීවත්වන සියලූම ජනතාවත් සංවර්ධනය කරනවා වෙනුවට සිදුකරනු ලැබුවේ සහ තවමත් සිදුකරමින් පවතින්නේ රට වටේම හෝටල් පද්ධති නව නගර යනාදියට දැවැන්ත ධනස්කන්දයක් මුදල් යොදවමින් සංචාරක කර්මාන්තයට පණ පොවා සංචාරක කර්මාන්තය තුළින් රටට ආදායම උපයා ගන්නටය. තමන්ගේ ආදායම ද ශක්තිමත්කර ගන්නටය. මන්ද, ඒ සඳහා දියත්කරනු ලබන  ඕනෑම ව්‍යාපෘතියක් සඳහා වෙන්වන දැවැන්ත රුපියල් කෝටි, මිලියන හා ට‍්‍රිලියන වලින් ලබාගත හැකි කොමිස් මුදල් ප‍්‍රතික්‍ෂේප නොකර සිටීමට දේශපාලනය නැමති බලය තුළ නොමිලේ පිරිනමා ඇති වරප‍්‍රසාදය නිසාවෙනි.

මෙකී නොකී රට වට කොට ඇති (ලංකා සිතියම පවා වෙනස් කරමින් සිදුකරන) ව්‍යාපෘති දියත් කරනවා මෙන්ම, උතුරෙත් නැගෙනහිරත් යුද්ධයෙන් පීඩාවට පත්වී තවමත් සිය අර්බුද විසදී නැති ජනතාවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවන් ඔස්සේ නිසි ලෙසට සංවර්ධන කටයුත්තේ ප‍්‍රථිලාභින් කරගත්තේ නම් අද වන විට දමිළ මිනිසුන්ට සමාජීය වශයෙන් ආර්ථීක වශයෙන් ”හොඳ” හුස්මක් ගන්නට අවශ්‍ය වාතාරවරණය පසුබිම ගොඩනැගී හමාරය.  එහෙත් ඒ වෙනුවට වෙනත් සංවර්ධන ව්‍යාපෘති පමණක් දියත් කිරීම තුළ යුද්ධයෙන් බැට කෑ උතුරේ දමිළයා ද විශේෂයෙන් යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත්වු උතුරේත් නැගෙනහිරත් 48000කට ආසන්න කාන්තාවන් ද ජීවත් විමේහි අරගලයක යෙදෙති. මන්ද සමස්ත ප‍්‍රශ්නය විසඳී නැති නිසාය.

 
මඩකළපුව වෙලිගහකන්ඩි ගමේ ජීවත්වන යුද්ධයෙන් අනාථ වුණු වැන්දඹු කාන්තාවන් කිහිප දෙනෙක්

මෙපමණ කාලසීමාවක් ගෙවී ගිය කළ, 2014 වසර අවසානයට පෙර මෙම වන්දි මුදල් ලබාදීම නිමකළ යුතු බවට ආණ්ඩුව තීරණයකර ඇත්තේ වෙන කිසිවක් නිසා නොව, එළඹෙන 2015 වසර යනු මැතිවරණ වසරක් වන නිසාය.

-MMP




2014-10-07
Advertisement

Find us on Facebook