English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජෙනරාල් මහේෂ් සේනානායකත් ජනපති සටනට


ජෙනරාල් මහේෂ් සේනානායකත් ජනපති සටනට

ජාතික ජනතා ව්‍යාපාරයේ (NPM) ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා තරග වදින බව අද (29) සුගතදාස කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවයක දී ප‍්‍රකාශ කරනු ලැබීය. දේශෝධය ව්‍යාපාරය, ඒකාබද්ධ වෘතීයවේදීන්ගේ සංගමය ඇතුලූ සිිවිල් සංවිධාන විස්සක් එක්ව ගොඩනගා ඇති ජාතික ජනතා ව්‍යාපාරයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහු තෝරාගත් බව මෙහි දී ප‍්‍රකාශ කරනු ලැබීය.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට සර්වෝදය ව්‍යාපාරයේ ආචාර්ය වින්‍යා ආරියරත්න, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ අජිත් කොලොන්නේ යන අය ජනාධිපතිවරණය සදහා තරග කරන බවට මින් පෙර ප‍්‍රචාරය වී තිබුනි. අද පැවති උත්සවයේ දී ප්‍රකාශ වුයේ ඉහත සියලූම දෙනාගේ එකගත්වයෙන් ජනරාල් මහේෂ් සේනානායක මහතා තෝරාගත් බවයි.




2019-09-29
Advertisement

Find us on Facebook