English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“ලිත්” නඩුව ගැන බැසිල්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි!


“ලිත්” නඩුව ගැන බැසිල්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

බැසිල් රාජපක්ෂ වෙත පවරා ඇති ප්‍රසිද්ධ “ලිත් නඩුව” කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග නොකර වෙනත් විනිසුරුවරයකු ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලමින් ඔහු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අද (27) අභියාචනාධිකරණය කටයුතු කර තිබේ.

ගිහාන් කුලතුංග විනිසුරුවරයා ඉදිරියේ මෙමෙ නඩුව විභාග කිරීමෙන් තමන්ට අගතියක් වන බව බැසිල් රාජපක්ෂ විසින් කරුණු ඉදිරිපත් කර තිබුණි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හා අනුෂ පැල්පිට යන අයට සුප්‍රසිද්ධ සිල් රෙදි නඩුවේ තීන්දුව ලබා දෙමින් වසර දෙකක සිර දඬුවම් නියම කලේ ගිහාන් කුලතුංග මහතාය.

බැසිල් රාජපක්ෂ මහතා මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කලේ, ඉහත කී තීන්දුවෙන් පසුවය.

මෙම “ලිත්” නඩුව බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව ඇතුලත් ලිත් ලක්ෂ 50 ක් දිවිනගුම අරමුදලට අයත් රු: දෙකෝටි අනුහතර ලක්ෂයක මුදලක් යොදාගෙන මුද්‍රණය කර බෙදා හැර රජයට පාඩුවක් සිදු කල වරදටය.




2019-09-27
Advertisement

Find us on Facebook