English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජනපති අපේක්ෂකයින් එක වේදිකාවක ජනතාව සමඟ සජීවී සංවාදයක් ඇතිකළ යුතුයි!


ජනපති අපේක්ෂකයින් එක වේදිකාවක ජනතාව සමඟ සජීවී සංවාදයක් ඇතිකළ යුතුයි!

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියළුම පක්ෂවල ජනපති අපේක්ෂකයින් එකම වේදිකාවක ජනතාව සමඟ සජීවී සංවාදයක් ඇති කිරීම වඩා සාර්ථක බවත්, එමඟින් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කිරීමටත්, ජනතාවගේ ගැටළු නිවැරදිව හඳුනා ගැනීමට හා ජනතාවට නිවැරදි නායකයා සොයා ගැනීමේ කාර්ය සිදු කිරීමටත් හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ මහතා අයිතියට පැවසීය.

“ බොහෝ විට මැතිවරණ වලදී වැඩි අවධානය යොමු වන්නේ අපේක්ෂකයින් වෙත. නමුත් අප පුද්ගලයින් මත බලාපොරොත්තු තියාගන්නවට වඩා ඔවුන්ගේ වැඩපිළිවෙල කුමක්ද?, චරිතය කොයි වගේද?, අල්ලස හා දුෂණයට සම්බන්ද ද?, වැනි කාරණා පිලිබඳ අවදානයක් යොමු වනවා අඩුයි.

නමුත් අප මුලික වශයෙන් බලන්න අවශ්‍යයයි ඒ අපේක්ෂකයින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඔවුන්ගෙන් නිකම්ම ඉෂ්ඨ වෙයිද  කියන කාරණය. එම අපේක්ෂකයින් අපේ ගැලවුම් කාරයින් විදියට අරගන්න එක වැරදයි කියන එක තමයි අපේ ඉතිහාසය පුරාවට සිදුවී තිබෙන්නේ.”

ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.....





2019-09-27
Advertisement

Find us on Facebook