English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාගේ පුරවැසිභාවයේ අවුල : පාස්පෝට් කන්තෝරුවට උසාවියෙන් දැඩි නියෝග.


ගෝඨාගේ පුරවැසිභාවයේ අවුල : පාස්පෝට් කන්තෝරුවට උසාවියෙන් දැඩි නියෝග.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සියලුම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයි ඊයේ දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ඒමෙන්ම මැදමුලන මධ්‍ය මහා විද්‍යාලයේ 2015 ජනාධීපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද දායකයන්ගේ ලැයිස්තු ඇතුළත් සියලුම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නැයිද හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළේය.

අධිකරණය මෙම නියෝගය කළේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හැර සිටියදී 2015 ඡන්ද නාම ලේඛනයේ නම ඇතුළත් කර ගෙන සිටියේද හා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීම හා නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගැනීම විධීමත්ව සිදු වූයේද යන්න පිළීබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයට අදාළව ඒම දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් අධීකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදීය.




2019-09-27
Advertisement

Find us on Facebook