English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


රනිල් නොමැතිව සජිත්ට පුළුවන්ද?


රනිල් නොමැතිව සජිත්ට පුළුවන්ද?

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය නිමා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති අතර ඒ සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී ඇත.

පරිණත දේශපාලන නායකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැදගත් දේශපාලන තීන්දුවක් ගෙන ඇති අතර සජිත් අපේක්ෂකයා කිරීමට අමතරව වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පෙරමුණ බිහි කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට අවශ්‍ය නම් ඔහුගේ අනවශ්‍ය උද්ධච්චකම් නවතාදමා ප්‍රබුද්ධ දේශපාලනයකට අවතීර්ණ විය යුතුය. ඔහුගේ පියාගේ යුගයට වඩා හාත්පසින්ම වෙනස් දියුණු ලෝකයක් පවතින හා මධ්‍යම පන්තියේ ප්‍රමාණය විශාල වූ යුගයක් අප පසු කරන බව ඔහු වටහා ගත යුතුය. ප්‍රබුද්ධ ලෝකයට අව්‍යශ සංකල්ප ඔහුගේ පක්ෂට තුළට ගෙනාවේ ඔහුගේ පියා නොව රනිල් වික්‍රමසිංහ බව ඔහු තේරුම් ගත යුතුය.

සුළු ජාතිකයන්ගේ වඩා විශ්වසනීයම නායකයා රනිල් වික්‍රමසිංහයග විශේෂයෙන් උතුරු නැගෙනහිර දේශපාලන නායකයන්ගේ විශ්වාසය දිනා ගත හැකි නායකයා රනිල් වික්‍රමසිංහයග සිවිල් සංවිධානවල විශ්වාසය දිනා ගත් නායකයාත් රනිල් වික්‍රමසිංහය.

මේ සියලු කරුණු හේතුකොට ගෙන සජිත් ප්‍රේමදාසට ජනාධීපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් අවශ්‍යවන්නේ කිලී මහරාජාගේ සහය නොව රනිල් වික්‍රමසිංහගේ සහයෝගයයි.




2019-09-26
Advertisement

Find us on Facebook