English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජන හා නිවාස සංගණනයට “ටැබ්”


ජන හා නිවාස සංගණනයට “ටැබ්”

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පහලොස් වෙනි වරටත්  2021 දී සිදු කිරිමට නියමිත ජන හා නිවාස සංගණනය ටැබ්ලට් පරිගණක  යොදාගෙන සිදු කිරිමට පියවර ගෙන තිබේ.

අවසන් වරට සංගණනයක් පැවැත්වුයේ 2012 වසරේදී වන අතර එතැන් සිට දස වසරකට පසු 2021 දී නැවත මෙම ජන හා නිවාස සංගණනය පැවැත්වීමට නියමිතය.

මෙහිදි කඩදාසි ආකෘති පත්‍ර පීරවීම වෙනුවට මෙවර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ටැබ්ලට් පරිගණක ආශ්‍රිතව පවත්වන සම්මුඛ පරික්ෂණ මඟින් (CAPI- Computer Assisted Personal Interview &) තොරතුරු රැස් කීරිමට සැලසුම් කර ඇත. වසර දෙකක පමණ කාලයක සිට මෙම ක්‍රමය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විවිධ සමීක්ෂණ සඳහා යොදා ගෙන ඇත.

මෙම ක්‍රමයෙන් දත්ත රැස් කිරිම නිසා ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනයට අවශ්‍ය දත්ත හා තොරතුරු ඉතා ඉක්මනින්, නිවැරදිව ලබා දීමට ජන මා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

ශ්‍රි ලංකාවේ සංගණනයක් සඳහා CAPI ක්‍රමය යොදා ගනු ලබන්නේ ප්‍රථම වතාවටය.

මුලු ශ්‍රි ලංකාවම ආවරණය වන පරිදි 1981 න් පසු විධිමත් ජන හා නිවාස සංගණනයක් පැවැත්වුයේ 2012 වසරේදීය. ඒ වසර තිහකට පසුවය.

එම සංගණනයට අනුව ශ්‍රි ලංකාවේ මුලු ජනගහනය 20,359,439 ක් විය.

-ශානිකා මාධවී-




2019-09-26
Advertisement

Find us on Facebook