English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එකම පවුලේ අතුරුදහන් සිදුවීමක් !


මාම්පුරිය නාවක්කඩුව ප‍්‍රදේශයේ පදිංචි, 21ක් හැවිරිදි සඳමාලි සෙව්වන්දි නැමැති එක්දරු මවක් සහ 17 හැවිරිදි ආසිරි සෙව්වන්දි නම් වු පාසැල් සිසුවියක් වන සිය දියණියන් දෙදෙනා මේ මස 04 වනදා සිට අතුරුදහන්වී ඇති බව මාම්පුරිය නාවක්කඩුව පදිංචි රේමන් නිමල් ප‍්‍රනාන්දුපුල්ලේ යන අය පවසයි.

ඔවුන්ගේ අතුරුදහන්වීම පිළිබඳව මේ වන විට  පුත්තලම පොලීසියේ පැමිණිල්ලක් දමා ඇති අතර දියණියන් දෙදෙනා සොයාගැනීමට සහයවන ලෙසට මහජනතාවගෙන්ද ඉල්ලා සිටියි.

පසුගිය 04 වෙනි දා සිට කිසිම තොරතුරුක් නොමැතිව අතුරුදහන්වී සිටින සිය දියණියන් දෙදෙනා හට එසේ නිවසින් පලායාමට කිසිඳු හේතුවක් නොතිබුණු බවත් කිසියම් කෙනෙකු විසින් දරුවන් දෙදෙනා මුලාකරගනිමින් රැුගෙන යන්නට ඇති බවට   තමන්ට සැකයක් උපදින බව රේමන් නිමල් ප‍්‍රනාන්දුපුල්ලේ, පියා පවසයි.

අතුරුදහන්වි ඇති ශානිකා සෙව්වන්දි වසය අවුරුදු 1 1/2ක පිරිමි දරුවකුගේ මවක් වන අතර ආසිරි සෙව්වන්දි අනෙක් දියණිය දළුව ශාන්ත අන්තෝනි විදුහලේ 11 වසරේ අධ්‍යාපනය හදාරන සිසුවියක් වෙයි.

ආසිරි සෙව්වන්දි

මොවුන් පිළිබඳව යම්කිසි තොරතුරක් දන්නේ් නම් හෝ දැනගැනීමට හැකිවුවහොත් පුත්තලම පොලීසියට හෝ 0754006743 යන තමන්ගේ දුරකථන අංකයට දන්වා සිටින මෙන් නිමල් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ආයාචනය කරයි.

තොරතුරු මුලාශ‍්‍රය හා ඡායාරූප අද දෙරණ
-MMP



2014-10-06
Advertisement

Find us on Facebook