English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


චෝදනා සහිත යෝෂිතට ජනපති අනුහසින් යළි නාවික හමුදා ලුතිනන් ධූරයක්!


චෝදනා සහිත යෝෂිතට ජනපති අනුහසින් යළි නාවික හමුදා ලුතිනන් ධූරයක්!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදා ලුතිනන් ධූරයේ 2016 පෙබරවාරි 28වන දින සිට පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කොට තිබේ.

එම නියෝගය ප්‍රකාරව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අදාළ ලිපි ලේඛණ වලට ඊයේ දිනයේදී අත්සන් තැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

යෝෂිත රාජපක්ෂ  මහතාට එල්ල වූ අපරාධ චෝදනා හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත නාවික හමුදාව විසින් ඒ මහතාගේ සේවය වර්ෂ 2016 පෙබරවාරි 28වන දින අත්හිටුවූ බව වාර්තා වුවද එදින ඒ මහතා ඉල්ලා අස් වූ බවත්, එය ජනාධිපතිවරයා අනුමත කල බවත් වාර්තා වී තිබුණි. මේ ආකාරයට යෝෂිත රාජපක්ෂගේ නාවික හමුදා සේවය අත්හිටුවීම පිළිබඳවද ආන්දෝලනයකට ලක් වී තිබුණි. කෙසේ වෙතත් ඒ මහතා හිටපු ජනාධිපතිවරයා පරාජය වූ දින සිටම නාවික හමුදා සේවයට වාර්තා නොකරන ලදී.

නාවික හමුදා සේවයේ සිටියදී තාරුණ්‍යයට හෙටක් සංවිධානය හරහා දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීමද ඔහුට එරෙහිව තිබූ තවත් චෝදනාවක් විය. මෙම කිසිදු චෝදනාවකට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නාවික හමුදා මට්ටමින් හෝ සිදු නොවීය. සේවයට වාර්තා නොකිරීම පිළිබඳවද පරීක්ෂණයක් සිදු නොවුනි. එවන් තත්වයකදී ජනාධිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතා මෙලෙස නැවතත් ලුතිනන් තනතුරකට පත් කිරීම ජනාධිපතිවරයා බලයට පත් කිරීමට වෙහෙසුනු ජනතාවට හා එම ජනවරමට පිටු පෑමක් බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව රාජපක්ෂ දේශපාලන කඳවුර තුළ තමන්ගේ ස්ථානය සකසා ගැනීමේ උත්සාහයක් වුවද ජනාධිපතිවරයාට නොවැටහෙන කාරණය නම් රාජපක්ෂ කඳවුරේ තමන්ට ස්ථානයක් සකසා ගැනීම කිසිලෙසකින් ඔහුට නොහැකි බවයි. හිටුපු ජනාධිපතිවරයාට අගමැතිකම ප්‍රදානය කලද එම ස්ථානය සකසා ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි විය.

-දුලාන් දසනායක-




2019-09-25
Advertisement

Find us on Facebook