English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


උතුරු පළාත් ධීවර ප‍්‍රතිපත්තිය එලිදකී!


උතුරු පළාත් ධීවර ප‍්‍රතිපත්තිය එලිදකී!

උතුරේ ධීවර ප‍්‍රජාවට ජීවත් වීමට යෝග්‍ය වටපිටාවක් සකසා ගැනීම, කාන්තාවන්ට ධීවර සංවර්ධන ක‍්‍රියාවලියේදි සමතැන දිනාගනිමින් ක‍්‍රියාත්මක වීමට අව්‍යශ වටපිටාවක් සකසා ගැනීම ඇතුලූ යෝජනා කිහිපයක් ඇතුලත් උතුරු පළාත් ධීවර ප‍්‍රතිපත්තිය දේශපාලඥයින් ඇතුලූ විද්වතුන් හා සිවිල් සංවිධාන වෙත පිරිනැමීම ඊයේ (24) දින කොළඹ ජානකී හෝටලයේ දී සිදු කෙරුණි.

මෙම උතුරු පළාත් ධීවර ප‍්‍රතිපත්තිය පිළිගන්වනු ලැබුයේ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය හා උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව විසිනි.

උතුරු පළාතේ ධීවර කර්මාන්තයේ යෙදෙන මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් යන වෙරළාසන්න දිස්ත‍්‍රික්ක වල ධීවර සමුපාකාර සමිති සම්මේලනයත්, උතුරේ කාන්තා සංවිධාන, ග‍්‍රාමීය ධීවර සම්මේලනය ඇතුලූ සිවිල් සංවිධාන නියෝජනයෙන් සහ උතුරු පළාත් ධීවරයින්ගේ එකතුව, විශ්ව විද්‍යාල, මාධ්‍ය උගතුන් සමග සාකච්ඡ කිරිමෙන් අනතුරුව ඔවුන් සියලූ දෙනාගේ අදහස් එක් කරමින් මෙම ධීවර ප‍්‍රතිපත්තිය සකසා තිබේ.

මේ වන විට ධීවර කර්මාන්තයේ පවතින විනාශකාරී ආම්පන්න භාවිතයත්, උතුරු පළාතේ ධීවරයින්ට දරාගත නොහැකි පරිදි ධීවරයින් සංඛ්‍යාවක් රැුකියාවේ නිරත වීමත් මෙහිදි ප‍්‍රධාන ගැටලූ බවට පත්ව ඇත.

ඒ අනුව උතුරු මුහුදු සීමාවේ රැකියාවේ නිරත වන ධීවරයින් පිලිබදව, මෙම කාර්මාන්තයේ යෙදෙන කාන්තාවන්ගේ දායකත්වය සහතික කිරිම හා ඔවුන්ගේ ගැටලූ විසදිම, උතුරු ප‍්‍රදේශයේ වෙරළ තීරය හා ඉඩම් භාවිතය පිලිබදව, ධීවර සම්පත් තිරසර භාවිතා කිරිම සදහා යෝජනා, ධීවර සහ කළමණාකරණ ක‍්‍රියාවලිය විධිමත්ව දියත් කිරිම සදහා ඇතුලූ යෝජනා රැසක් මෙම ප‍්‍රතිපත්තිය තුල අඩංගු වී ඇත.

-මාධවී-




2019-09-25
Advertisement

Find us on Facebook