English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


දිල්රුක්ෂි ඩයස්ගේ තනතුරට වෙන අයෙකු පත් කෙරේ.


දැඩි ආන්දෝලනයට තුඩු දුන් අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කටයුතු පැවැත්වෙන හෙයින් ඇගේ තනතුරේ වැඩ බැලීමට ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක්ව සිටිමින් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග ආන්දෝලාත්මක දුරකථන සංවාදයක යෙදීම පිලිබදව මේ වන විට නීතිපතිවරයා විසින් ආයතන සංග‍්‍රහය යටතේ විනය පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් ඊයේ (23) සවස ඉල්ලීමක් සිදු කර තිබුණි.

පසුව නීතිපතිවරයා විසින් ඇයගේ තනතුරේ වැඩ ආවරණය කිරිම සදහා ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිරාශා ජයරත්න මෙනෙවිය පවසයි.

මෙම විනය පරික්ෂණ කරන නිලධාරියා කවුද? විනය පරික්ෂණ සිදුකරන තුරු දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ වැඩ තහනම් කළ යුතුද? නැතහොත් ඇය අනිවාර්ය නිවාඩු ගැන්විය යුතුද? යන්න තිරණය කිරිම රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත පැවරෙන බවද ඇය සදහන් කර සිටියි.

අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනිය වු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය ද අවධාරණය කර සිටියේ ඇයගේ ක‍්‍රියාව අනුමත කළ නොහැකි බවය. එමෙන්ම ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද ඊයේ දින අවධාරණය කරමින් පවසා තිබුණේ ඇය තවදුරටත් සොලිසිටර් ජනරාල් තනතුරේ රැදි සිටීමට සුදුසු නැති බවය.

කෙසේ නමුදු මේ වන විට ඇයට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට තීරණය වීම ඉතා කාලෝචිතය. නමුත් මෙම විනය පරික්ෂණයේදි එය විනිවිදභාවයකින් කිරිමට රාජ්‍ය සේවා කොමිසන් සභාව මෙහිදි පියවර ගත යුතුව තිබේ. මන්ද ? නැවත මෙවැන්නක් රජයේ නිලධාරියෙකු අතින් සිදු නොවීය යුතු නිසාය.

-මාධවී-




2019-09-24
Advertisement

Find us on Facebook