English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


තාක්ෂණික කරුණකින් චෝදනාවකින් ගැලවිය හැකිද? : ඇවන්ගාඩ් නඩුව


තාක්ෂණික කරුණකින් චෝදනාවකින් ගැලවිය හැකිද? : ඇවන්ගාඩ් නඩුව

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාබය ඇතුලු අනෙක් චූදිතයන් නිදහස් වූ බවට වන ප්‍රවෘත්තිය අද සියලු මාධ්‍යයන්හි ප්‍රධාන පුවත වී ඇත. නාවික හමුදාව පවත්වාගෙන ගිය සමුද්‍ර ආරක්ෂක සේවාවන් ඇවන්ට් ගාඩ් නම් පුද්ගලික සමාගමකට පවරා දීමෙන් රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමසම විසින් පවරා තිබූ නඩුවෙන් අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය ඇතුළු අ‍නෙකුත් චූදිතයන් නිදහස් කරන ලද්දේ අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවකට අනුවය.

මෙම නඩුව ඉවත දැමීමට අභියාචනාධිකරණය තීරණය කළේ නඩු පැවරීමේදී සිදු වී ඇති යම් තාක්ෂණික දෝෂයක් හේතු කොට ගෙනය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව නඩු පැවරීම යන කරුණ එකී තාක්ෂණික දෝෂයයි. අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දෙන්නේ සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට ඉතිරි කරමින්ය.

ඒ අනුව අභියාචනාධිකරණය මෙම චෝදනා වලින් චූදිතයන් නිදහස් කිරීමට කටයුතු කර නොමැති අතර ඉහත කී තාක්ෂණික කරුණ මත නඩුව ඉවත දැමීමට කටයුතු කර ඇත. එසේ නඩුව ඉවත දැමීම හේතුකොට ගෙන චූදිතයන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධීකරණයට සිදු වේ. නමුත් අවශ්‍ය නම් එකී තාක්ෂණික කරුන නිවැරදි කරගෙන නැවත නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි වේ.

කෙසේ වෙතත් මෙසේ තමන් අතින් සිදු වූ තාක්ෂණික ගැටලුවක් මත තමන් පැවරූ නඩුවක් ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කිරීම ගැන අල්ලස් කොමිසම ලැජ්ජාවට පත් විය යුතුය.

මෙසේ තාක්ෂණික කරුණක් මත ඉවත දැමීමට සිදු වූ තවත් සුප්‍රසිද්ධ පැරණි නඩුවක් වූයේ හෙල්පින් හම්බන්තොට නඩුවයි.

-දුලාන් දසනායක-




2019-09-23
Advertisement

Find us on Facebook