English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලෝක ගුරුදිනය ....අදත් උද්ඝෝෂණ !!

අද, ඔක්තොබර් 06 වෙනිදා ලෝක ගුරු දිනය නිමිත්තක්කොට ගෙන යාපනය නගරයේදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරිණි. විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ මේ වන තෙක් නොවිසුදුණු අර්බුධ මුල්කරගෙන, ඊට වහා විසඳුම් ඇවැසි බවට බලකරමින්  මෙම උද්ඝෝෂණය පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප‍්‍රකාශකර ඇත.

උතුරේ ගුරුවරුන් සම්බන්ධයෙන් ප‍්‍රශ්න ගණනාවක් පවතිනවා. මේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා බලධාරීන්ගේ දැස් විවර කළ යුතුයි. ඒ නිසා තමයි අද මේ උද්ඝෝෂණය යාපනයේ පවත්වන්නට අපි තීරණය කළේ ”යැයි ස්ටාලින් මහතා ප‍්‍රකාශකර ඇත. 

පළාත් ගණනාවක ගුරුවරුන් 400 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් යුතුව මෙම උද්ඝෝෂණය යාපනය ප‍්‍රධාන බස්නැවතුම්පොල ඉදිරිපිටදී පැවැත්විණි.



වහා තමන්ගේ ප‍්‍රශ්න විසඳන ලෙසට ඉල්ලා සිටින සිංහල හා දමිළ භාෂාවලින් ලියා තිබු විරෝධතා පාඨ රැුගත් ගුරුවරු සිය විරෝ්ධතාවයේ යෙදෙන අවස්ථාවේදිම ඊට එරෙහිව, ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් ගුරු විරෝධතාවය කඩාකප්පල් කීරමේ අරමුණින් එම ස්ථානයේදිම තවත් විරෝධතාවක් පවත්වා ඇත.

එහෙත්, මේ ආණ්ඩුව රටේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ප‍්‍රශ්නවලට සවන්දී ඒවා විසඳනවා වෙනුවට කුලීකරුවන් යොදාගෙන සිදුකරනු ලබන මෙවැනි පහත් ක‍්‍රියා ශ‍්‍රි ලංකා ගුරු සංගමය හෙළාදකින බව ද ජෝශප් ස්ටාලින් මහතා ප‍්‍රකාශකර ඇත.

තොරතුරු මුලාශ‍්‍රය හා ඡායාරූප දිනසේන රතුගමගේ
-MMP



2014-10-06
Advertisement

Find us on Facebook