English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය කඩා වැටුනු හැටි!


ගෝඨාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය කඩා වැටුනු හැටි!

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පසුගිය අගෝස්තු 11 දා සුගතදාස ගෘහස්ත කි‍්‍රඩාංගනයේ ඉතා උත්කර්ශවත් අයුරින් පැවැති විශේෂ උත්සවයක දී ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. එතැන් පටන් ගොඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විදිමත්ව හා ආකාර්ෂණීය ලෙස පැවති අතර, ඒ සදහා විශාල සහායක් දෙරණ, හිරු නාලිකා හා මව්බිම හා අරුණ පුවත්පත් හරහා ලබා දෙනු ලැබීය. දෙරන අයිතිකරු දිලිත් ජයවීර මහතා ගෝඨාභය මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක මෙහෙයුම භාරගෙන ඇති බවද ඒ අතර මාධ්‍යතුල පළ විය.

නමුත්, මැතිවරණ ව්‍යාපාරය ආරම්භකර මාසයක් පමණ ගත වන විට ගෝඨාභය මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපරයේ පැහැදිලි පසුබෑමක් පෙන්නුම් කරනු ලැබූ අතර, එය මේ වන විට විශාල කඩා වැටීමට ලක්ව තිබේ. ගෝඨාභය මහතා විවිධ ආගමික ස්ථානයන් වෙත යමින් එමින් වැද පුදා ගනිමින් එම ආගමික ස්ථානයන් හි වැඩවසන පුජකයන් වහන්සේලා හා ගෝඨාභය මහතා හෝ ඔහුගේ අනුගාමිකයින් විසින් ලබා දෙනු ලබන වොයිස් කට් වලින් දුවන ලබන ඉතා දුර්වල මැතිවරණ ව්‍යාපාරයක් දක්වා ඔහුගේ මැතිවරණය ප‍්‍රචාරක ව්‍යාපාරය අද වන විට පල්ලම් බැස තිබේ.

මෙසේ ගොඨාභය මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ කඩා වැටීමට එක් ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඔහුගේ ප‍්‍රතිවාදියා වන එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මෙතෙක් නම්කර නොතැබීමයි. ඒ හේතුව නිසාම එජාප අපේක්ෂකයා කවුරුද යන්න සම්බන්ධව විශාල අවධානයක් හා සාකච්ඡාවක් රට තුළ නිර්මාණය වී ඇති අතර, එය ප‍්‍රධාන මාධ්‍ය ඡාලවන් තුළ උණුසුම් මාතෘකාව බවට ද පත්ව තිබේ.

මෙවැනි, තත්තවයක් මින් පෙර පැවති කිසිදු ජනාධිපතිවරණයක දී දක්නට නොලැබුනි. ඒමෙන්ම මෙම තත්ත්වය අවසානයේ දී පත්වන එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයාට අමතර වාසි රැසක් ගෙන දෙනු ලබන ලොතරැයි ජයග‍්‍රහණයක් බවට අද පත්ව තිබේ. මෙම ප‍්‍රශ්ණයට විසිදුමක් ලබා නොදෙන තාක් වෙනත් කිසිදු අපෙක්ෂකයෙකු විසින් කරනු ලබන කිසිදු මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහනක් සාර්ථක නොවීමට තරම් එය හේතු වී තිබේ.

බොහෝ අපේක්ෂකයන් විිසින් තම මැතිවරණ ව්‍යාපාරය උණුසුම් මට්ටමින් ඉහලින්ම තබා ගැනීමට විවිධ උප්පරවැට්ටි යොදන අතර ඒ සදහා රුපියල් කෝටි ගනනින් මුදල් දැන්වීම් ප‍්‍රචාරක සමාගම් වෙත ලබා දෙනු ලබයි. නමුත්, එජාපය මෙවර තම අපේක්ෂකයා වෙලාසන නම් නොකිරීම නිසා විශාල ප‍්‍රචාරක වාසියක් දැනටමත් නොමිලේ ලබාගෙන තිබේ.      




2019-09-22
Advertisement

Find us on Facebook