English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඇල්පිටිය පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට


ඇල්පිටිය පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් ලබන මස 11 වෙනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකා ඊයේ (21) දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි තැපෑලට භාර දීම සිදු කෙරුණි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ දැනුම් දීම මත පොලිස් මුලස්ථානය විසින් ඇල්පිටිය හා ගාල්ල පොලිස් කොට්ඨාශ වලට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා තිබ අතර ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ සහ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු.චන්ද්‍රලාල් යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම සිදු කෙරුණි.

එසේ තැපෑලට භාර දුන්  තැපැල් ඡන්ද පැකැට්ටු භාර ගන්නා හා බෙදා හරින තැපැල් කාර්යාල වෙත පොලිස් ජංගම සංචාර හා පොලිස් යතුරුපැදි සංචාර මඟින් අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට නියමිතව ඇත.

තැපැල් ඡන්ද සලකුණු කිරිම මේ මස 27 වෙනි දින පැවැත්වෙන අතර එදිනට නොහැකි වන අයට ලබන මස 04 වෙනි දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි තැපැල් ඡන්ද සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.




2019-09-22
Advertisement

Find us on Facebook