English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අක්‍රීය ජනගහනයේ වර්ධනයක්! අනතුරු අඟවයි.


අක්‍රීය ජනගහනයේ වර්ධනයක්! අනතුරු අඟවයි.

ශ්‍රි ලංකාවේ ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහණය දිනෙන් දිනම වැඩිවෙමින් පවතින බවට මුදල් අමාත්‍යාංශය අනතුරු හඟවා සිටියි. මෙරට ආර්ථිකමය වශයෙන් ක්‍රියාශිලි ජනගහණය 2018 වසර අවසාන වන විට මිලියන 8.4 ක් වන අතර ඉන් මිලියන 5.5 ක් පුරුෂයන්ය.

ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහණය මිලියන 7.8  ක් වන අතර ඉන් බහුතරයක් කාන්තාවන් වේ.මෙම අක්‍රීය පිරිස අතර 2018 දී වාර්තා වු මිලියන 0.5 ක වැඩිහිටි ජනගහණයද වේ.

2017 වසරට සාපේක්ෂව සේවා වියුක්ති අනුපාතිකය සියයට 4.2 ට සාපේක්ෂව 2018 වසර වන විට සියයට 4.4 දක්වා ප්‍රතිශතාංක 0.2 කින් ආන්තිකව වර්ධනය වී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉකුත් වසර වන විට මුලු සේවා වියුක්ති ජනගහණය 372,593 කි.පුරුෂ සේවා වියුක්තියට සාපේක්ෂව ස්ත්‍රී සේවා වියුක්ති අනුපාතිකය ඉහළ ගොස් තිබේ.ඒ සියයට 13.2 ක් ලෙසිනි.

කෙසේ නමුදු වයස්ගත ජනගහණයද වැඩිවෙමින් පවතින අතර එය රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලියට බලපෑම් ඇති විය හැකි බැවින් නොපමාව මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

පහුගිය වසර කිහිපයක සිට වැඩ කළ හැකි ජනගහණය අඩු වෙමින් පවතින හෙයින් 2050 වන විට තරුණ පිරිස ඉක්මවා වැඩිහිටි ජනගහණය වැඩි වනු ඇති බවද මුදල් අමා්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.

 

-ශානිකා මාධවී-




2019-09-21
Advertisement

Find us on Facebook