English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සජිත් ජනපති රනිල් අගමැති!



සජිත් ජනපති රනිල් අගමැති!

දිගින් දිගටම පැවති සාකච්ඡාවලින් පසුව දෙපාර්ශවයේම එකගත්වය මත සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, රනිල් වික‍්‍රමසිංහ මහතා එලෙඹෙන රජයේ අගමැතිවරයා මෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස පත්කිරීමට සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතු විසින් ඊයේ (19) කළ යෝජනාව සදහා දෙපාර්ශවයේම එකගත්වය මේ වන විට ලැබී තිබේ.

එම යෝජනාව අනුව ඉදිරි දිනවල දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කිරීමට නියමිතය.

මෙම යෝ්ජනාවට අමතරව විධායක ජනාධිපතිධුරය අහෝසි කෙරෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිශ්චිත කාල සීමාවක් තුළ ගෙන ඒමත් සම්බන්ධව සාකච්ඡාවත් මේ වන විට ආරම්භ වී තිබේ. එම යෝජනාවන් සම්බන්ධව එකගත්වයට පැමිණි වහාම එජාප කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්වී ඉහත සියලූ යෝජනා සම්මත කිරීමට නියමිතය.

එජාප කෘත්‍යාධිකරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනැගීමේ කටයුතු සිදු කිරීමට නියමිත අතර එහි ලේකම් ධුරය ඇතුලූ අනෙකුත් නිලධාරීන් මණ්ඩලය පත්කිරීම පිළිබද සාකච්ඡාවන් අද සවස පැවති අතර, එම පෙරමුණේ ලේකම්ධුරය සදහා රාජිත සේනාරත්න මහතාගේ නම යෝජනා වීමට බොහෝ ඉඩ ඇති බවට දේශපාලණ ආරංචි මාර්ග සදහන් කරයි.   




2019-09-20
Advertisement

Find us on Facebook