English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඇලිට් සමාගම අතුරුදහන් වී නෑ - කරුණාසේන කොඩිතුවක්කු


ඇමරිකානු ඩොලර් මිලියන 104.3 ක ඇස්තමේන්තු ගත මුදලකින් ගොඩ නැගුණු නෙලූම් කුලූණ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණේ ඉකුත් 16 වෙනිදාය.නෙලූම් කුලුණ විවෘත කරමින් ජනාධිපතිවරයා ජනතාවට පවසා සිටියේ නෙලූම් කුලූණේ සිදු වු වංචාවක් ගැනය.

එනම් නෙලූම් කුලූණ ඉදිකිරිම සදහා 2012 වසරේදි ශ‍්‍රි ලංකා රජය විසින් චීනයේ සී.ඊ.අයි,ඊ.සී සහ ඇලිට් (Aerospace Long March International Trading Company - ALIT)) යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබු බවත් මෙරට රජය නියෝජනය කරමින් විදුලි සංදේශ කොමිසම එකී ගිවිසුමට අත්සන් කර තිබු බවත්ය. එම ඉදිකිරිමට අත්තිකාරම් මුදල් වශයෙන් ශ‍්‍රි ලංකා රජය 2012 වසරේදී ඇලිට් සමාගමට රුපියල් කෝටි 200 ක මුදලක් ගෙවු බවත් පසුව කළ සොයා බැලීමකදී එවැනි සමාගමක් නැති බවට තොරතුරු හෙළි වු බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ දැඩි අවේගයකිනි.

එදා සිට රට්ටු මේ නෙලූම් කුලූණ ගැනත් ඇලිට් සමාගම ගැනත් තොරතුරු සොයන්නට විය.මන්ද වත්මන් ජනාධිපතිවරයා කියන හා කරන දේවල් පිලිබ`ද දැන් රටේ ජනතාවට විශ්වාසයක් නැති හෙයිනි.

ඒ විශ්වාසය බිද ගත්තේද ජනාධිපතිවරයා විසිනි.ඔහු දැන් හැසිරෙන්නේ 2015 දි තමන් තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මනාප ලබාගෙන ජනාධිපති වු ගාණටය. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පක්ෂ කිහිපයක් සම`ගින් එදා මහින්ද රාජපක්ෂගේ පාලනයට බයෙන් සැගවී සිටි මෛත‍්‍රිපාල සිරිසේනව ජනාධිපති කරවුයේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද වලට පිංසිදුවන්නටය.
දැන් ඒවා ජනාධිපතිවරයාට මතක නැත. ඔහු තනිව බුදු වීමට උත්සහ දරන්නේ එහෙයිනි.

කරුණු මෙසේ තිබියදී නෙලූම් කුලූණේ බිලියන දෙකේ වංචාව පිලිබද ජනාධිපතිවරයා හෙළි කර සිටියේ ලොකු දෙයක් සොයා ගත් ලෙසිනි. නමුත් ඔහුගේ එම හෙළිදරව්වෙන් සතියක්වත් යාමට මත්තෙන් චීනයේ ශ‍්‍රි ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයා කියන ලෙස ඇලිට් සමාගම අතුරුදහන්ව නොමැති බවය.

ඇලිට් සමාගම පිලිබද සෙවීම සදහා ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දීමක් සිදු කළ බවත් ඒ අනුව තමන් කළ විමර්ශනයට අනුව මෙම ඇලිට් සමාගම මේ වන විට වෙනත් ස්ථානයක ස්ථාපිත කර ඇති බවත් නමුත් එකී සමාගම ඒ පිලිබදව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවත් ඔහු එකී නිවේදනයෙන් දන්වා ඇත.

එහිදි තමන් මෙම සමාගමේ නිලධාරින් හමු වු බවත් එහිදි ඔවුන් ප‍්‍රකාශ කරන ලද්දේ තමන් නෙලූම් කුලූණ ඉදිකිරිමේ ව්‍යාපෘතියෙන් ඉවත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියි. එමෙන්ම මේ පිලිබද වාර්තාවක් තමන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කළ බවද සදහන් කර තිබේ.

මෙකී නිවේදනයත් සමග නැවත වරක් තහවුරු වන්නේ මෙරට ප‍්‍රධාන පුරවැසියා වු ජනාධිපතිවරයා ජනතාවට දැනුම් දෙන්නේ වගකීමක් රහිත ප‍්‍රකාශ බවය.ඔහු පවසා තිබුණේ ඇලිට් සමාගම කොහේවත් නැති බවත් එය අතුරුදහන් වී ඇති බවත්ය.

එසේ අතුරුදහන් වු ඇලිට් සමාගම වෙනුවෙන් දැන් පෙනී සිටින්නේද චීනයේ ශ‍්‍රි ලංකා තානාපතිවරයාය.

ජනාධිපතිවරයා පවසන ආකාරයට ඔහු දිනපතාම පාහේ සියල්ල දකින්නේ මාධ්‍ය වලිනි. එසේ නමුත් ඔහු බිලියන දෙකක වංචාවක් දැනගෙනත් මෙතෙක් කළක් නිහඩව සිට එකපාරටම මෙය ජනතාවට පැවසීමද ගැටලූවකි. එහෙයින් ජනාධිපතිවරයා කියන කරන දේවල් පිලිබද නැවත වරක් රට්ටුන්ට සැක ඉපදී ඇත්තේය. එහෙයින් ඉදිරි ජනාධිපතිවරණයේදි රට්ටු නිවැරදි තිරණයක් ගත යුතුව ඇත.

මාධවී




2019-09-20
Advertisement

Find us on Facebook