English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


JVP හා TNA නොමැතිව පොහොට්ටුවට මුහුණ දීම


මෙවර ජනාධිපතිවරණයේ දී ජයග‍්‍රහණය සදහා ආසන්න වශයෙන් ඡුන්ද 65 ලක්ෂයක් ලබාගත යුතු බව වාර්තා වේ. ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන සියලූම අපේක්ෂකයන්ට මෙය විශාල අභියෝගයක් වන අතර, විශේෂයෙන් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට දැනට ඇති ඔවුන්ගේ ඡන්ද පදනමට ආසන්න වශයෙන් තවත් ඡන්ද ලක්ෂ 20කට ආසන්න ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය සදහා එක්කර ගත යුතුවේ.

එම හේතුව නිසාම ජනාධිපතිවරණය ජය ගැනීම සදහා පුලූල්ම සංධානයක් ගොඩනැගීමට විශේෂයෙන් අනෙකුත් පක්ෂයන්ගේ හා කණ්ඩායම් හි පුර්ණ සහයෝගය ලබා ගැනීම ප‍්‍රධාන අපේක්ෂයකයන්ට මෙහි දී අනිවාර්යෙන් බලකෙරී තිබේ.

පසුගිය පලාත්පාලන මැතිවරණය අනුව ගත් විට පොදු ජන පෙරමුණට ඡන්ද ලක්ෂ 50ක් ලැබුනු අතර, එම මැතිවරණයේ දී තනිවම තරග කල එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකිව තිබුනේ ඡන්ද 36 ලක්ෂ හතලිස්දාහක් පමණි. 2015 මහමැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ඡන්ද ආසන්න වශයෙන් 51 ලක්ෂයක් ලබාගෙන තිබු අතර, පලාත් පාලන මැතිවරණ ප‍්‍රථිපලය අනුව එම ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ 15කින් පමණ පහත බැස තිබුනි.

පලාත් පාලන මැතිවරණයෙන් පසුව, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමග ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමන්ත‍්‍රණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරීන් මෙන්ම, අනෙකුත් සුලූ ජාතික පක්ෂ හා ප‍්‍රගතිශීලී ජනකොටස් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වී ජනාධිපතිවරයාගේ එම අත්තනෝමතික කි‍්‍රයාවලිය සම්පුර්ණයෙන්ම පරාජය කිරීමත් මත බෙදී, විසිරී, කලකිරී සිටි බොහෝ දෙනා නැවත දේශපාලනිකව සකී‍්‍රය වීමත් සමගම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එජාපය ලබාගත් ඡන්ද ප‍්‍රමාණයට තවත් ඡන්ද දසලක්ෂයක් පමණ වැඩිවී තිබිය හැකි බවට උපකල්පනය කළ හැක.

ඒ අනුව ගත් කළ එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද පදනම 46 ලක්ෂයක් ලෙස උපකල්පනය කරනු ලැබුවද මෙවර ජනාධිපතිවරණය ජයග‍්‍රහණය සදහා තවත් ඡන්ද ලක්ෂ 19ක් එම පෙරමුණේ අපේක්ෂකයා විසින් එක්කරගත යුතුව තිබේ. මෙහි දී පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජන්ද ලක්ෂ 14ක් හිමිකරගත් මෛතී‍්‍ර පාර්ෂවය පිළිබදව තවමත් නිගමණයකට පැමිණිය නොහැකි වුවත්, දෙමළ ජාතික සංධානයේ හා අනෙකුත් සුලූ ජාතික පක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ලබා ගැනීම පොහොට්ටුවේ අපේක්ෂකයා පරාජය කිරීමට අත්‍යවශ්‍ය වේ.

එසේ නම් මේ සියලූම දෙනාගේ විශ්වාසය දිනා ගත හැකි පොදු වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් 2015 දී ඉදිපත් කළ ආකාරයේ අපේක්ෂකයෙකු මෙවර ජයග‍්‍රහණය සදහා ද අනිවාර්යෙන් ඉදිරිපත්කළ යුතුව තිබේ.




2019-09-19
Advertisement

Find us on Facebook