English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


රූපවාහිනිය පවරා ගැනීමට එරෙහිව සිවිල් සමාජය නඩු මඟට!


රූපවාහිනිය පවරා ගැනීමට එරෙහිව සිවිල් සමාජය නඩු මඟට!

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබු ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට එරෙහිව සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබේ. පුජ්‍ය දඹර අමිල හිමි හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතාත් මේ වෙනුවෙන් ඉදිරිපත්ව සිටියි.

සැප්තැම්බර් 09 දා ගැසට් පත්‍රයකින් ජාතික නාලිකාව වු රූපවාහිනී සංස්ථාව හදිසියේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ගැනිම ජනතාව විමතියට පත් කිරිමට සමත් වුණා. ජනමාධ්‍ය සහ ජාතික ආරක්ෂාව යනු වෙන් වු කරුණු දෙකක් බවත්, එම දෙක එකට පවත්වාගෙන යා නොහැකි බවද මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. ජනමාධ්‍ය ආයතන යනු ස්වාධීනව පැවතිමේ ආයතනයක් බවද එවන් ආයතනයක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගැනීම සිරගත කිරීමක් බවද පෙන්වා දෙයි.

එමෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තබා ගත හැකි අමාත්‍යධුර ප්‍රමාණය නිශ්චිතව සටහන් කර තිබෙන අතර, නමුත් වත්මන් ජනාධිපතිවරයා ඔහුට කළ නොහැකි දේවල් කිරීමට උත්සහ කරන බවද ඔහු පවසයි.

අනීතික ලෙස නීතිය හා සාමය ඔහු යටතේ තබාගෙන සිටින අතරම ස්වාධීන ආයතන ඔහු යටතට ගැනීමෙන් පෙනී යන්නේ මෙය දේශපාලන ගැටුමක් බවය. එක්තරා ආකාරයකට මෙය ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බවද මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

මීට කලින් “දවස” පුවත්පත සීල් තැබීමේ සිද්ධියේ සිට මෙවැනි සිදුවීම් අපට දක්නට ලැබුණු අතර ජනාධිපතිවරයාට නොකළ හැකි කිසිම දෙයක් නොතිබුණු බලවත් ව්‍යවස්ථාවක් අප 2015 දි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් බවට පත් කර ගෙන තිබෙන හෙයින් ජාතික රූපවාහීනීය පවරා ගැනිම ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

-මාධවී-





2019-09-19
Advertisement

Find us on Facebook