English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඇප මුදල් භාර ගැනීම අද සිට


ඇප මුදල් භාර ගැනීම අද සිට

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු අද (19) දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙලෙස ඇප තැන්පත් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අමරසිංහ මහතාය.

නොවැම්බර් 16 වෙනිදාට පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාලව  අද (19) සිට ලබන මස 06 වෙනිදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමට හැකිය.

පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු රුපියල් පනස් දහසක මුදලක් තැන්පත් කළ යුතු අතර,b ස්වාධීන පක්ෂයකින් තරඟ කරන අපේක්ෂකයෙකු රුපියල් හැත්තෑ පන්දහසක මුදලක් තැන්පත් කළ යුතුව ඇත.

මෙවර ජනාධිපතිවරණය  2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව පැවැත්වේ.මේ සඳහා සුදුසුකම් ලැබු පුද්ගලයින් එක් කෝටි පනස් නව ලක්ෂ අනු දෙදහස් අනු හයකි.ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ 18 කින් පමණ තරඟ කිරිමට නියමිතව ඇත.

නාම යෝජනා බාර ගැනීම ලබන මස 07 දා සිදු කෙරේ.

-ශානිකා මාධවී-




2019-09-19
Advertisement

Find us on Facebook