English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“සමාජ මාධ්‍ය වලින් එන පීඩනය නිසා ක්‍රීඩකයින් මානසිකව වැටිලා” - ගයාන් සේනානායක


“සමාජ මාධ්‍ය වලින් එන පීඩනය නිසා ක්‍රීඩකයින් මානසිකව වැටිලා” - ගයාන් සේනානායක

සමාජ මාධ්‍ය ජාලා හරහා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දෙන මානසික පීඩනය ක්‍රිකට් ක්‍රිඩාව පසුබැසීමට හේතුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිගන්වන්නා ලෙස කටයුතු කරන ගයාන් සේනානායක මහතා පවසයි.

අයිතිය වෙබ් අඩවිය හා සම්බන්ධ වෙමින් ඔහු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

1992 වසරේ එංගලන්තය, නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියත් සමඟ ක්‍රිකට් බලන්න ගොඩක් දෙනා පුරුදු වුනේ. ඊට පස්සේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළා. එතකොට ක්‍රිකට් වලට තියෙන ආදරය මුලු ශ්‍රි ලංකාවේම වැඩි වුණා. ඒ දවස් වල ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් ඉතා හොඳින් වැඩි මුදලක් ලබා ගන්නේ නැතුව ඉතාම ආර්ථික අපහසුතා මත තමයි ක්‍රිකට් ක්‍රීඩා කළේ. ගෙදරින් ගෙන එන ආහාර ගෙන ඔවුන් පුහුණු වුණේ. වතුර කරාමයෙන් එන වතුර බිව්වේ. ඒ කාලේ පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමක තිබුණා. නමුත් අද වන විට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටිලා. ක්‍රීඩකයන්ට මුදල් නැත්නම් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබෙනවා අඩුයි.

සමාජ මාධ්‍ය ජාලා හරහා ක්‍රීඩකයින්ට දෙන මානසික පීඩනය නිසා ක්‍රීඩකයින් කඩා වැටෙනවා. ආයේ ගොඩ එන්න අමාරුයි. ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පසුබෑමකට ලක් වෙලා තියෙනවා. දක්ෂ ක්‍රීඩකයින් අඩුයි. මේකට ක්‍රිකට් පාලක මණ්ඩලය මැදිහත් වෙලා විසඳුමක් ලබා දෙන්න ඕනේ. අපි මේකේ අත්තිවාරම දාන්න ඕනේ පාසල් ක්‍රිකට් ක්‍රිඩාවට. ක්‍රිකට් ක්‍රිඩකයින් ක්‍රිකට් වලට අමතරව මලල ක්‍රීඩා කළ යුතුයි. ඉන් ඔවුන්ගේ සම්පුර්ණ ශාරිරීක යෝග්‍යතාව සැකසෙනවා. එමෙන්ම ක්‍රිකට් තරඟ වලදි තුවාල වීමේ සම්බාවිතාවද මින් අවම වෙනවා. පාසල් වල ක්‍රිකට් ක්‍රීඩාව නංවලා හොඳ ක්‍රීඩකයින් තෝරා ගත යුතුයි. නැතිනම් ඉදිරියේදි හොඳ ක්‍රීඩකයින් අහිමි වීමේ අවදානමක් අපිට ඇති වෙන්න පුලුවන්. මේ ගැන ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතුයි.

ක්‍රිකට් සංචාරයක් යනකොට පුහුණුවීම් අතරතුරදී ඉන්න ලකුණු අනුව තමා කණ්ඩායමට තෝරා ගන්නේ. දක්ෂතා ඇති 15 ක් තෝරා ගත්තත් ක්‍රිඩා කරන්න පුලුවන් එකලොස් දෙනාටයි. සමහර දෙනාගේ මතයක් තියෙනවා දේශපාලන හිතවත්කම් මත සංචාර ලබා දෙනවා කියලා. වක්‍රාආකාරයෙන් එහෙම දෙයක් වෙන්න පුලුවන්. නමුත් ඒක හරියටම කියන්න බැහැ.

දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නේ හොඳ තරුණ පිරිසක්. ඔවුන් එකදිගටම පුහුණු වීම් කලානම් වඩාත් හොඳයි කියලා මට හැඟෙනවා. එකම නායකයෙක් යටතේ. නමුත් මෑත කාලයේ අපේ නායකයින් කිහිපවරක් වෙනස් වුණා. එයත් ක්‍රීඩකයින්ට බලපානවා.





2019-09-19
Advertisement

Find us on Facebook