English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් නිලධාරින් 31,500 ට උසස් වීම්!


පොලිස් නිලධාරින් 31,500 ට උසස් වීම්!

දීර්ඝ කාලයක් උසස් වීම් නොලද සිටි පොලිස් නිලධාරින් 31,500 ක් සඳහා උසස් වීම් ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙය 2019-01-01 ,2020-01-01 හා 2021-01-01 සිට යන කාණ්ඩ තුනක් යටතේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් උසස් වීම් ලබා දීමට යෝජනා වී තිබේ.ඒ අනුව පළමු කාණ්ඩය යටතේ 2019-01-01 දින සිට පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා නිලධාරීන් 5824 කුට උසස් වීම් ලබා දී තිබේ.

මෙහිදී පොලිස් කොස්තාපල්වරුන් 4544 ක් පොලිස් සැරයන් තනතුරටත්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 30 ක් කාන්තා පොලිස් සැරයන් තනතුරටත්, පොලිස් සැරයන්වරු 169 ක් උප පොලිස් පරික්ෂක තනතුරටත්, කාන්තා පොලිස් සැරයන්වරියන් 15 ක් කාන්තා උප පොලිස් පරික්ෂක තනතුරටත්, උප පොලිස් පරික්ෂකවරුන් 878 ක් පොලිස් පරික්ෂක තනතුරටත්, කාන්තා උප පොලිස් පරික්ෂකවරියන් 147 ක් කාන්තා පොලිස් පරික්ෂක ධුරයටත්, පොලිස් පරික්ෂකවරුන් 41 ක් ප්‍රධාන පොලිස් පරික්ෂක ධුරයටත් උසස් වීම් ලබා ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජාතික පොලිස් කොමිෂන් සභාව හා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය සහ මුදල් අමාත්‍යාංශයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත මෙම උසස් වීම් ලබා දී තිබේ.

-ශානිකා මාධවී-




2019-09-19
Advertisement

Find us on Facebook