English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඒජාපෙ යෙන් කරූ...ජනාධිපතිවරණය නොවැම්බර් 16


ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් 16 වන දින පැවැත්වෙන බවට ඊයේ (18) නිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කල අතර ඊට අදාළ 2141/25 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ රාත්‍රියේදී නිකුත් කර ඇත. ඒම ගැසට් නිවේදනයට අනුව නාමයෝජනා ලබා දිය යුතු වන්නේ ඔක්තෝබර් මස 07 වන දිනයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ ව්‍යවස්ථාව සමග කිවවෙන 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 2 වන වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හා නාම‍යෝජනා භාර දිය යුතු දිනය හා ස්ථානය නිවේදනය කිරීම කොමිෂන් සභාව මගින් සිදු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ 3 වන අනු ව්‍යවස්ථාව අනුව ධූරය දරණ ජනාධීපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට මාසයකට නොඅඩු හා මාස දෙකකට නොවැඩි කාලය තුළ ජනාධීපතිවරණය පැවැත්විය යුතු යැයි දැක්වෙන බවත්, මෙම ගැසට් නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව වත්මන් ජනාධීපතිවරයාගේ ධූර කාලය ලබන වසරේ ජනවාරි 07 වන දිනෙන් අවසන් වන බැවින් දෙසැම්බර් 07 ට පෙර ජනාධීපතිවරණය පැවැත්විය යුතුය.

මේ අතර ඒක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවම නම් කර නොමැති නමුත් ලබන සතිය තුල ඒම අපෙක්ෂකයා නම් කරන බවට ඒජාප මහලේකම් විසින් ඊයේ නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

ඒජාප ජනාධිපතිධුර අපේක්ෂකයන් ලෙස දැනටමත් පුද්ගලයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර, මෙම අපේක්ෂකයන් තිදෙනාගෙන් ඒජාප ඡන්ද හැරැණු කොට සුලු ජාතිකයන්ගේ විස්වාසය දිනා ගත හැකි, පාවෙන හා තරැණයන්ගේ අලුත් ඡන්ද දිනාගත හැකි අපේක්ෂකයා කවුරැද යන්න පිළිබදව මේ දිනවල සාකච්ඡා වෙමින් පවතී.

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සදහා ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 64ක් පමණ ලබා ගත යුතුව ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඒජාපය තනිව තරග කර ලබාගත් ඡන්ද ලක්ෂ 36ක් ට අමතරව ජයග්‍රහණය සදහා තවත් ඡන්ද ලක්ෂ 28 ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා විසින් ලබා ගත යුතුය.

ඒ් අනුව ඉහත යෝජනා වී ඇති අපේක්ෂකයන් අතරින් ඒජාපයේ මෙන්ම සුලුජාතිකයින්ගේ හා ලක්ෂ 20කට ආසන්න වන පාවෙන ඡන්ද දායකයන්ගේ වැඩි විශ්වාසය දිනා ගත හැකි අපේකෂකයා ලෙස වර්තමාන කථානයක කරැ ජයසුරිය මහතා මෙවර ජනාධිපතිවරණය සදහා ඒජාපෙ පොදු අපේක්ෂකයා ලෙස පත්වීමට බොහෝ ඉඩ ඇති බව දේශපාලණ ආරංචි මාර්ග පවසයි.    



2019-09-19
Advertisement

Find us on Facebook