English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


කිංග්ස්බරි බෝම්බකරුගේ හිස වැළලීමට නියෝගය අද


කිංග්ස්බරි බෝම්බකරුගේ හිස වැළලීමට නියෝගය අද

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බය පුපුරුවාගත් මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් මුබාරක් යන අයගේ හිස බොරැල්ල කනත්තේ භූමදානය කිරීමට කටයුතු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද දින තිඹිරගස්යාය ප්‍රාද්ශීය ලේකම් වෙත නියෝග කළේය.

මීට පෙර මඩකලපුව සියොන් දේවස්ථානයේදී බෝම්බය පුපුරුවාගත් බෝම්බකරුගේ හිස වැළලීමට යාමේදී බරපතළ ලෙස මහජන විරෝධතා ඇති විය. එකී මහජන විරෝධතා හේතුවෙන් එක් ස්ථානයක වැළලූ එම බෝම්බකරුගේ හිස නැවත ගොඩ ගැනීමට පවා සිදු වූ අතර එය නැවත වෙනත් ස්ථානයක වළලා දැමුවේද අධිකරණ නියෝගයක් මගින්ය.



2019-09-18
Advertisement

Find us on Facebook