English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


දකුණේ අතුරුදහන්වුවන්ට 6000 නොලැබෙන ලකුණු


අතුරුදහන්වූවන්වන්ගේ පවුල් වෙත ලබා දීමට නියමිතව ඇති රුපියල් 6000 දීමනාව දකුණේ අතුරුදහන් වූ පවුල් වෙත නොලැබීමට බොහෝ ඉඩ ඇති බව වාර්තා වේ. ඊයේ මේ සම්බන්ධව කළ සාකච්ඡාවක දී මේ බව හෙලි වූ අතර, මින් පෙර කිසියම් ම හෝ වන්දියක් රජයෙන් ලබාගෙන ඇති පවුල් වෙත නැවත රජය විසින් ආධාර ලබා දීමට නොහැකි වන බව ද එම නිසා මෙම රුපියල් 6000 මාසික දීමනාව එසේ වන්දි ලබාගෙන ඇති දකුණේ අතුරුදහන්වූ පවුල් වෙත ලබා ගැනීමට නොහැකි බව ද එහි දී ප‍්‍රකාශ විය.

පසුගිය භීෂණ සමයේ දී අතුරුදහන්වූවන් පිළිබදව සොයා බැලීමට පත්කළ මනෝරි මුත්තේටුවේගම කොමිසමට අතුරුදහන්වූවන් පිළිබදව පැමිණිළි විසිහයදාහකට අධික ප‍්‍රමාණයක් වාර්තා විය. පසුව එම කොමිසමේ නිර්දේශ මත එම පවුල් වෙත රුපියල් 50,000 සිට 15,000 දක්වා වන්දි ප‍්‍රධානයන් සිදු විය. ඒ අනුව මෙම කොමිසමට වාර්තා වූ සංඛ්‍යාවෙන් 90%ක් පමණ දෙනා එම වන්දි ලබාගෙන තිබු අතර, ඔවුන් වෙත අතුරුදහන්වු තැනැත්තන් වෙනුවෙන් මරණ සහතිකයක්ද නිකුත් කරනු ලැබීය.

නව රජය විසින් පත්කළ අතුරුදහන්වුවන්ගේ කාර්්‍යාලය විසින් නිකුත්කළ අතුරුවාර්තාවේ නිර්දේශ මත සියලූම අතුරුදහන්වූ පවුල් වෙත රුපියල් 6000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා වූ අතර, එම යෝජනාව මත පසුගිය අයවැයෙන් එම පවුල් වෙත ප‍්‍රධාන කිරීම සදහා මිලියන 500 ක මුදලක් ද වෙන් කරනු ලැබීය.

අතුරුදහන්වුවන්ගේ කාර්්‍යාලය විසින් අගෝස්තු 30 අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවති උත්සවයක දී එහි කොමසාරිස්වරුන් විසින් ප‍්‍රකාශ කර සිටියේ දකුණේ අතුරුදහන්වුවන්ටද ඉහත 6000 මාසික දීමනාව ලබා ගැනීමට හැකි බවත්, ඒ සදහා කළ යුත්තේ දැනට ලබාගෙන ඇති මරණ සහතිකය වෙනස් කර නොදුටු සහතිකය රෙජිස්ටාර් ජෙනරාල් කාර්්‍යාලය හරහා ලබාගෙන ඉදිරිපත් කළ යුතු බවයි.




2019-09-18
Advertisement

Find us on Facebook