English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණයට පෙර වෙබ් මාධ්‍යවේදීන් මර්ධනයක් – කැෆේ

ජනාධිපතිවරණයට පෙර වෙබ් ජනමාධ්‍යවේදීන් මර්ධනය කිරීම සදහා දරණු ලබන උත්සාහය පිළිබද කැෆේ සංවිධානය සිය බලවත් අවධානය යොමු කර සිටී. මෙහි ආසන්නතම සිදුවීම, මීගමුව කුඩාපාඩුව ‘රානි බීච් රිසෝට්’ හි පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ දෙ දින වැඩමුළුව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ සහ පොලිස් මුලස්ථානයේ නිළධාරින්ගේ මැදිහත්විමෙන් අවංලගු කිරීමයි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් අන්තර්ජාල ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරලීම සඳහා මෙම වැඩමුළුව කැදවා තිබුණි. ලංකාවේ ප්‍රමුඛ වෙබ් අඩවි නියෝජනය කරමින් මාධ්‍යවේදීන් 20 ක් පමණ මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතව සිටියහ. තර්ජන හේතුවෙන් වැඩමුඵව අතහැර දැමීමට සිදුවිය. වෙබ් මාධ්‍යවේදීන්ගේ වැඩමුඵව කඩාකප්පල් කිරීම 2015 ජනාධිපතිවරණයට පෙර විකල්ප හඩ දුර්වල කිරීමට දැක්වූ උත්සාහයක් ලෙස කැෆේ සංවිධානය සලකයි. මන්ද, රජයේ මාධ්‍ය ඒකාධිකාරයට පිටින් තොරතුරු ගලනය තහවුරු කිරීම සදහා වෙබ් අඩවි විශාල කාර්ය භාරයක් ඉටු කරන බැවිනි.

මෑත කාලයේ දී නව මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි සංවේදී කරුණු සම්බන්ධයෙන් ජනමත තීරකයෙකුගේ කාර්ය ඉටුකරයි. රත්නපුර දී කාන්තාවකට පොලීසිය විසින් පහරදීමේ සිද්ධිය ජාතික මාධ්‍යවෙත පැමිණියේ සමාජ වෙබ් අඩවි තුලින් එය සමාජගතවීමෙන් පසුවය. පසුගිය මැතිවරණයේ දී අංක තහඩු රහිත වාහන, ගරාජ් අංක සහිත වාහන සම්බන්ධයෙන් සමාජ මතයක් ගොඩනැගීමේ දී ද, වෙනත් මැතිවරණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද වෙබ් සහ සමාජ වෙබ් අඩවි හි ක්‍රියාකාරීත්වය දැක්වූ දායකත්වය ඉහළය. වෙබ් මාධ්‍යය විවිධ අදහස් සමාජගත කිරීම සදහා දරන භුමිකාව දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදු කරන මෙහෙවර ප්‍රශස්ත බව කැෆේ සංවිධානයේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්රුම ව්‍යස්ථාව තුලින් තහවුරු කොට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙවන් මාධ්‍ය මර්ධන උත්සාහයන් තුලින් අනර්ථයකට ලක් වේ. පළාත් සභා පශ්චාත් මැතිවරණ සමයේ ද පහරදීම් ද, ජනාධිපතිවරණය නාමයෝජනා ප්‍රවේශ සමයේ දී මාධ්‍යවේදීන්ට තම වෘත්තීය හැකියාව දියුණු කර ගැනීමේ අවස්ථා අහිමි කිරීම, මාධ්‍ය නිදහසට මෙන්ම නිදහස් හා මැතිවරණ සදහා සිදු කරන බලපෑම තීරණාත්මක වේ. මන්ද, ජනමාධ්‍ය මගින් මැතිවරණයක දී ජනතාව ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ තීරණය කෙරෙහි බලපෑම් සිදු කරන බැවිනි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසින් තොර ‘නිදහස් හා සාධාරණ මැතිවරණ‘ පැවැත්වීම සිදු විය නොහැක්කකි. ඒ නිසාම වෙබ් ජනමාධ්‍යවේදීන් ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, තම වෘත්තීය හැකියාවක් වැඩි දියුණු කර ගැනීමට ඇති අවස්ථා අවහිර නොකරන ලෙසත් කැෆේ සංවිධානය වගකිවයුතු අංශ වෙතින් දැඩිව ඉල්ලා සිටී.

කැෆේ මාධ්‍ය ඒකකය

-MMP





2014-10-05
Advertisement

Find us on Facebook