English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අසත්‍ය ප්‍රචාර වලට දැඩි දඬුවම්!


අසත්‍ය ප්‍රචාර වලට දැඩි දඬුවම්!

අසත්‍ය ප්‍රචාර වලට දැඩි දඬුවම් දීමට අවශ්‍ය නීති මේ දිනවල සකසමින් පවතින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

පහුගිය දිනෙක රත්නපුර කලාපයේ පාසලක ළමයින් හෙල්මට් දාගෙන සිටින අයුරු මුහුණු පොතේ දමා තිබු බවත් ඊට පරික්ෂණයක් මේ වන විට ඉල්ලා ඇති බවද අමාත්‍යවරිය පවසයි.

එමෙන්ම කල්තොට, දියවින්න ප්‍රදේශයේ පිරිසක් පාලමක් නොමැති බව පවසමින් කම්බියකින් ගඟ තරණය කරන අයුරු මුහුණු පොතේ දාලා තිබු බවත්, මේ ගම්මානයේ පාලම් 04  ක් තියෙන අතර, මේ සියල්ල ඇතමුන් විසින් සිදු කරන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරිමට බවද ඇය පැවසුවාය.

දේශපාලනය ඔලුවේ තියාගෙන ඇතමුන් අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම සිදු කරන අතර, එසේ ඔවුන් මාධ්‍ය නිදහස භාවිතා කරන්නේ මේ ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති කර තිබෙන නිසා බවත් ඇය පවසයි.

-ශානිකා මාධවී-




2019-09-17
Advertisement

Find us on Facebook