English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වල ප්‍රගතිය ජිනීවා වලදී...


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වල ප්‍රගතිය ජිනීවා වලදී...

මානව හිමිකම් ආරක්ෂා කිරිම හා ප්‍රවර්ධනය කිරිම සඳහා ශ්‍රි ලංකාව පහුගිය වසර හතර හමාරක කාලය තුල ඉතාමත් ශක්තිමත් කැපවීමක් සිදු කොට ඇති බව ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මීය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ මේ දිනවල ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ  42 වැනි සැසියේදීය.

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදහන් කිරිම පිලිබඳ ක්‍රියාකාරී කණ්ඩායම 2015 දී නිරත වු ශ්‍රි ලංකා සංචාරයෙන් අනතුරුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පසුවිපරම් වාර්තාව පිලිබඳ කවුන්සිලයේ සභාපතිවරයා වෙත වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේද ප්‍රකාශ කර සිටියාය.



මාධ්‍ය නිවේදන | සිකුරාදා, 13 සැප්තැම්බර් 2019
සභාපතිතුමනි,

බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදහන් කිරීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම 2015 දී නිරත වූ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ පසුවිපරම් වාර්තාව වෙත යොමු වීමට අපි කැමැත්තෙමු.

සභාපතිතුමනි,

බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම 2015 නොවැම්බර් මස දී ශ්‍රී ලංකාව විසින් පිළිගන්නා ලදී. එය එක්සත් ජාතීන්ගේ සියලු මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ විවෘත හා අර්ථවත් ලෙස සම්බන්ධ වීමේ රජයේ ප්‍රතිපත්තියේ කොටසක් වන අතර, ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරයෙන් එක් මසක් පමණක් ගතවීමෙන් පසුව 2015 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සියලුම විශේෂ ක්‍රියා පටිපාටි බලධාරීන් වෙත ස්ථාවර ආරාධනයක් ඉදිරිපත් කිරීම මඟින් එය තවදුරටත් පැහැදිලි විය. මෙම ප්‍රතිපත්තියට අනුකූලව, 2015 සිට ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි බලධාරීන් 10 දෙනෙකු පිළිගෙන ඇති අතර, මේ වසරේ ඔක්තෝබර් මස දී තවත් එක් සංචාරයක් පැවැත්වීමට නියමිත බව සතුටින් සඳහන් කරමු.

පසුගිය වසර කිහිපය තුළ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, සංවර්ධනය හා ආරක්ෂාව සහ ප්‍රවර්ධනය සඳහා වූ ශ්‍රී ලංකාවේ මාවතේ අපේ ජාතික ප්‍රමුඛතාවන්ට නැඹුරු වන පරිදි මෙම බලධාරීන් විසින් නිර්දේශිත බොහෝ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ වේ. ක්‍රියාකාරී කණ්ඩායමේ නිර්දේශ ගණනාවක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය තුළින් මෙය පෙන්වා දිය හැකිය.

රජය විසින් දැනටමත් ලිඛිතව ලබා දී ඇති යාවත්කාලීනයන් නැවත ප්‍රකාශ කිරීමට උත්සාහ නොකොට, වසර 4 ක් පමණක් වන කෙටි කාල පරාසයක් තුළ දී මෙම ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ඉතා වැදගත් කරුණු කෙටියෙන් අවධාරණය කරමි.

– ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරයෙන් එක් මසකටත් අඩු කාලයක දී, එනම් 2015 දෙසැම්බර් මාසයේ දී, සියලු පුද්ගලයින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබීය. 2016 මැයි මාසයේදී සම්මුතිය අපරානුමත කිරීමෙන් අනතුරුව, සම්මුතියේ විධිවිධාන දේශීය නීතියට ඇතුළත් කිරීම පමණක් නොව, සම්මුතිය යටතේ ලබා දී ඇති ඇතැම් ආරක්ෂාවන් වැඩි දියුණු කරන ශක්තිමත් ජාතික නීතියක් 2018 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් බලාත්මක කරන ලදී. අනාගතයේ දී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ ඕනෑම ක්‍රියාවක් පුනරාවර්තනය නොවීම සහ වගවීම සහතික කිරීම සඳහා වූ මූලික පදනම ලෙස මෙම නීතිමය රාමුව පවතියි.

– 2018 ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව (ICRC) සමඟ ගිවිසුමකට එළඹුණු අතර, එමඟින් ඔවුන්ට සියලු රැඳවුම් ස්ථානවලට බාධාවකින් තොරව ප්‍රවේශ විය හැකිය. එසේම, එම පහසුකම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට ද ලබා දී තිබේ.

– අතුරුදහන් වූවන් පිළිබඳ ස්වාධීන කාර්යාලයක් (OMP) 2016 දී ආරම්භ කරන ලද අතර, එය 2018 දී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය. අද වන විට, කාර්යාලය කොළඹ පිහිටි සිය කාර්යාලයට අමතරව ප්‍රාදේශීය කාර්යාල 3 ක් පිහිටුවා ඇති අතර, නවතම ආයතනය 2019 අගෝස්තු මාසයේ දී යාපනයෙහි පිහිටුවා ඇත. ක්‍රියාකාරී කණ්ඩායමෙන් ලද මෙතෙක් නොවිසඳී ඇති සියලු සිද්ධීන් ද, එහි වරම අනුව කටයුතු කිරීම සඳහා මෙම ස්වාධීන යාන්ත්‍රණය වෙත ලබා දී ඇත.

– මානව හිමිකම් හෝ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට පුද්ගල හා සාමූහික වන්දි ගෙවීම සඳහා වන්දි ගෙවීමේ කාර්යාලයක් 2018 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කරන ලද අතර, එය මේ වසරේ දී ක්‍රියාත්මක විය.

– මරණ සහතික වෙනුවට අතුරුදහන් වීමේ සහතික නිකුත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පහසුකම් සලසා ඇති අතර, එමඟින් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අතුරුදහන් වූවන්ගේ නමින් ඇති යම් යම් පහසුකම් ලබාගැනීම සඳහා ප්‍රවේශ විය හැකිය.

– අතුරුදහන් වූවන් පිළිබඳ ස්වාධීන කාර්යාලයේ අතුරු වාර්තාවේ නිර්දේශයට අනුකූලව, අතුරුදහන් වූ බවට සහතිකයක් හිමි එම පවුල්වලට 2019 ඔක්තෝබර් මස සිට රු. 6000 ක මාසික දීමනාවක් ලබා දීමට අනුමත කොට ඇත.

– අතුරුදහන් වූවන්ගේ පවුල්වලට ආධාර කිරීම පිණිස 2019 අයවැයෙන් රු. මිලියන 500 ක මුදලක් වෙන් කිරීමට නියමිතය.

සභාපතිතුමනි,

අප විසින් පෙන්වා දී ඇති ජයග්‍රහණ, සියලු පාර්ශ්වකරුවන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කිරීම, නව නීති සම්පාදනය කිරීම සහ නව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම යන මිනුම් කළ නමුත් ස්ථාවර ජාතික ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල වේ. බාධක පැවතිය ද, අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා වූ අපගේ ජාතික කැපවීම සහ අධිෂ්ඨානය ශක්තිමත්ව පවතී. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සමන්විත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් රාජ්‍ය බලය භාවිතා කිරීම පිළිබඳ ආවේක්ෂණය හා සංතුලනය පිණිස ස්වාධීන ආයතන කිහිපයක් නිර්මාණය කර ඇති අතර, රටේ පවත්නා නීති මඟින් රජයේ විවිධ හස්තයන්හි ක්‍රියාමාර්ග සහ තීරණ දැනුම් දීම සහ තහවුරු කිරීම සිදු කෙරෙයි. ඉහළ අධිකරණයේ මෑතකාලීන තීන්දු මඟින් නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

අපගේ මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවට තම ආසන්නතම ප්‍රමුඛතා යළි පෙළගැස්වීමට බල කරමින්, අපගේ සිය ගණනක් අහිංසක ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම විදේශිකයින්ගේ ද ජීවිත බිලිගනිමින් මේ වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගණනාව ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ජයග‍්‍රහණවලට නිසි පිළිගැනීමක් ලබා දෙන ලෙස මෙම ගරු සභාවෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

කෙසේ වෙතත්, පශ්චාත් පාස්කු ඉරුදින සන්දර්භය තුළ අප අභියෝග රැසකට මුහුණ දී සිටිය ද, තම සියලු පුරවැසියන් සඳහා මානව හිමිකම් ප්‍රගුණනය කිරීමට හා ආරක්ෂා කිරීම සඳහා වූ මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පිළිබඳව අවධාරණය කිරීම වැදගත් වේ.





2019-09-17
Advertisement

Find us on Facebook