English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසියේ 64 ට ස්ථාන මාරු වීම්!


පොලීසියේ 64 ට ස්ථාන මාරු වීම්!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් 64 කුට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් විසි පස් දෙනෙකුට හා පොලිස් පරික්ෂකවරුන් තිස් දෙකකට මෙසේ මරුවීම් ලැබි තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඒ අනුව මෙහිදි ඇතැම් පොලිස් නිලධාරින්ට පොලිස් ස්ථානාධිපතිධුරය අහිමිව ගොස් ඇත.

කාන්තාවකට පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබු පමුණුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ඉකුත් සමයේ මුස්ලිම් දේවස්ථාන වල තිබී පොලිස් භාරයට ගැණුනු කඩු ආපසු ලබා දුන් බවට චෝදනා හිමි වු වෙල්ලම්බඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාද මෙම මාරු ලැබු අය අතර වේ.

-මාධවී-




2019-09-17
Advertisement

Find us on Facebook