English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම වෙත!


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම වෙත!

කෘෂිකර්ම අමාත්‍යංශය ඩි.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන යාමත්, පාර්ලිමේන්තු කාරක සභාවන් ගොවිජන මන්දිරයේ පිහිටුවීමත් මගින් රජය බලාපොරොත්තු වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට  නොහැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ කියා  සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යංශය  රුපියල් මිලියන 21 මාසික කුලියට ඩී.පී.ජේ ගොඩනැගිල්ල ගෙන යාමෙන් රජය පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු වී ඇති පැමිණිල්ලට අදාළ සාක්කි දෙමින් හෙතෙම මේ බව කීය.

නමුත් කිසියම් හෝ වැරදි තීරණයක් රාජ්‍ය ආයතනයක් විසින් ගනු ලබනවා නම් එය නිවැරදි කිරීමට රටේ දෙවැනි පුරවැසියා ලෙස අගමැතිවරයාට වගකීමක් පවතින බවද කොමිසන් සභාවේ සභාවේ සභාපතිවරයා වෙත අවධාරණය කළේ ය

එවකට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තම අධීක්ෂණය යටතේ නොව ජනාධිපතිවරයාගේ අධික්ෂණය යටතේ සිය ක්‍රියාකලාපයන් සිදුකර ගෙන ගිය බව අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතාගේ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.




2019-09-16
Advertisement

Find us on Facebook