English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණයේ සැබෑ අපේක්ෂකයා වීදී සටන් වලින් නොවේ! - පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ


ජනාධිපතිවරණයේ සැබෑ අපේක්ෂකයා වීදී සටන් වලින් නොවේ! - පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ

ජනාධිපතිවරණයේ සැබෑ අපේක්ෂකයා ඉදිරිපත් කළ යුත්තේ තැන් තැන් වල වීදී සටන් කර නොවන බවත්, බිම් මට්ටමේ කුතුහලය හා ආකර්ශණය සමඟින් එක්සත් ජාතික පක්ෂයේ නියම අපේක්ෂකයා නුදුරු දිනකදීම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් දන්වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස දැනට රනිල් වික්‍රමසිංහ, කරු ජයසුරිය, සජිත් ප්‍රේමදාස හා සරත් පොන්සේකා යන මහත්වරුන්ගේ නම් කියවෙන බවත්. මේ සඳහා නමක් ප්‍රකාශ කිරිමට කලබලයක් නොමැති බවද ඒ මහතා පවසයි.

මෙම පුද්ගලයින් හතර දෙනාම සුදුසු බවත් නමුත් නම් කෙරෙන පුද්ගලයා කවුරු වුවත් තරඟයකට යාමට සුදානම් බවද ඔහු පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පහුගිය වසරවල කථා බහ කළ නමුත් ඔහු ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න තීරණය වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බවත් එම මණ්ඩලයෙන් ලබා දෙන තීරණය අනුව ඉදිරියේදි සාකච්ඡා කිරිමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

2014 වසරේ අගදි මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බව දැනගත්තේත් ඊට පෙර දින බවත් එලෙසින් ජනාධිපතිවරණයේ සැබෑ අපේක්ෂකයා එළියට දැමිය යුතු බවත් ඉන් යම් ආකාර්ශණයක් බිම් මට්ටමේ ඇති වන බවද ඒ මහතා පවසයි.

එමෙන්ම ජනාධිපතිවරණයේ රැල්ල හැදෙන්නේ ජනාධිපතිවරණය කැඳවා ටික දිනක් ගත වීමෙන් පසු බවත් කල්තියා ජනාධිපතිවරණයට සුදානම් වීමද සුදුසු අදාල තැනදී අදාල වේලාවට සුදානම් වීමද සුදුසු කියා බලා සිටිමු යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

-මාධවී-




2019-09-13
Advertisement

Find us on Facebook