English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


නොකළ වරදකට අවු 10 ක් උසාවි යන හර්ෂ!


නොකළ වරදකට අවු 10 ක් උසාවි යන හර්ෂ!

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු වෙනුවට ඔහුගේ රුවට සමාන ඇති තරුණයෙකු ජා ඇල පොලිස් ස්ථානය විසින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන වසර දහයක් පුරා ඔහුව සැකකරුවෙකු ලෙස ඉදිරිපත් කිරිමේ පුවතක් ඉකුත් දා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්තා විය.

ජා ඇල, ඒකල,  විශාඛා වත්ත පදිංචි හඳපාන්ගොඩගේ හර්ෂ නැමැති තිස් තුන් හැවිරිදි තරුණයා මෙම ඛේදජනක ඉරණමට මුහුණ දී තිබේ.

මොහු මෙම පැමිණිල්ල ගම්පහ මානව හිමිකම් දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හරහා සිදු කලේය.

ගෝඩා ඩ්‍රෑම්ස් 10800 ක් හා නීති විරෝධි මත්පැන් පෙරීමේ උපකරණ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ජා ඇල, ඒකල ,කොරනේරිය වත්ත පදිංචි එස්.ඒ හර්ෂ කුමාර යන අයව ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ 2006/06/ 23 හෝ ඊට ආසන්න දිනකදීය. එහිදි ඔහුව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු 2006/07/ 29 වෙනි දින පුද්ගල ඇප දෙකක් මත මුදා හැර තිබේ. ඉන් පසු පැවති නඩු වාර වලට මොහු පෙනී නොසිටීම නිසා 2006/11/15 වෙනි දින මෙම සමන් කුමාර යන අයට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

ඉන් අනතුරුව 2009/ 07/25 වෙනි දින හඳපාන්ගොඩගේ හර්ෂ යන අයගේ නිවසට පැමිණි ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඔහුව පොලිසියට රැගෙන ගොස් තිබේ.ඒ මෙම මත්පැන් නඩුවේ ඇපකරුවෙකුට වෙළඳසැලකින් පෙරීමට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් රැගෙන දුන් බවට චෝදනා කරමිනි.

නමුත් පොලිසියට ගිය පසු මොහු හර්ෂ කුමාර බවට අඟවමින් අධිකරණයට ඉදිරිපත් කර වරෙන්තුවද ආපසු කැඳවා තිබේ. එතැන් සිට මේ දක්වාම එම නඩුවට ඔහුව සැකකරු ලෙස ඉදිරිපත් කරවීමට අවශ්‍ය පසුබිම ජා ඇල පොලිසිය විසින් සකසා තිබේ.

මෙම නඩුවට අදාල සැබෑ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිව සිටින නමුත් පොලිසිය ඔහුව මඟහැර මෙම හඳපාන්ගොඩගේ හර්ෂ කුමාර යන අයටම චෝදනා ගොනු කර තිබේ.

පුද්ගලික ආයතනයක මැෂින් ක්‍රියාකරවන්නෙකු ලෙස සේවය කරන මොහුට දරුවන් තිදෙනෙකුද සිටිති.වසර 10 ක් පුරා ඔහු මෙම නඩුවෙන් ඉවත් වීමට කොතෙක් උත්සහ දැරුවද පොලිසිය ඊට එරෙහි වු බවත් මේ වන විට නිකරුණේ රුපියල් ලක්ෂ හතර හමාරකට අධික මුදලක් මේ නිසා වැය වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

 




2019-09-13
Advertisement

Find us on Facebook