English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.


ගෝඨාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණයකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපති වරයා විසින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවේ චෝදනා ගොනු කර ඇති ආකාරය වැරදි බවට දක්වමින් හා මෙම චෝදනාව විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයට අධීකරණ බලයක් නැති බවට දක්වමින් එම නඩුවට විභාග කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම අභියාචනා පෙත්සම විභාග කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ බහුතර විනිසුරුවරුන් තීරණය කර ඇති බැවින් මෙම නඩුව විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මැතිතුමා ප්‍රකාශ කරන ලදී.

මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී. බී දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

මීට පෙර මෙම නඩුව සම්බන්ධයෙන් ඉහත කී විරෝධතාවය විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කලද එය එම අධීකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව එම ප්‍රතික්ෂේප කිරීම මෙලෙස ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබුණි.

මෙම තත්වය මත මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධීකරණය පෙර තීරණය කල පරිදි ඔක්තෝබර් මස 15 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට හැකියාව ලැබෙනු ඇත.




2019-09-12
Advertisement

Find us on Facebook